බලාගෙනයි! පරෙස්සම්වන්න

කාලයක් තිස්සේ කෝච්චියේ සතියේ දවස් පහම වැඩට යන්න ගත්තට පස්සේ මගේ අත්දැකීම් විදිහට ලියන්න නම් දේ සෑහෙන්න හම්බවුනා. නමුත් තවමත් සමහර දේ ලියනවද? ලියල වැඩක් වෙයිද වගේ ප්‍රශ්ණාර්ථ තියෙන නිසා ලියන්නේ නැතිව හැංගිලාම යනව. කොහොම වුනත් මේ මෑතකදී සිදුවුන සිද්ධියක් සහ පහුගිය කාලේ අහන්න ලැබුන දේවල් එක්ක යම්තාක් දුරකට සම්බන්ධයක් තියෙන දෙයක් නිසා ලියන්න හිතුවා.

දවසක් මම ට්‍රේන් එකේ යද්දි ටිකක් විතර වයසක කෙනෙක් තමන්ගේ ස්මාට් ෆෝන් එකක් එක්ක වැඩ. එයා කොයි තරම් වේගවත් ද කියනවා නම් එයාගේ ෆෝන් එකේ ලෝක පැටන් එක ඕන කෙනෙක්ට දකින්න බලන්න වගේම මතක තියා ගන්නත් පුලුවන්. ටිකක් වෙලා යද්දි මේ මනුස්සයා තමන්ගේ බැංකු ගිණුමටට ලොග් වෙලා යමක් කරන්න ලෑස්ති වුනා. ලඟ සීට් එකේ හිටයි නාසා ඒයා කරන දේ මට පෙනුනා වගේම තමා මට ඕන නම් එයා තමන්ගේ අකවුන්ට් එකට ලොග් වුන පාස්වර්ඩ් එක බලාගන්නත් පුළුවන්කම තිබුනා. සාරධර්මාණුකූල නොවන නිසා මම අහක බලා ගත්තත් මිනිත්තූ කිපයකට පස්සේ එයාගේ වැඩේ ඉවර වුනා.

අද කාලේ ඇඩ්වයිස් එකක් දෙන්නත් ටිකක් පරිස්සම් වෙන් ඕන කාලයක් නිසාත් කලින් කතා නොකල කෙනෙක් නිසාත් මිනිහට මේ ගැන කියනවද කියල හිතුවා. ෆ්‍රී ඇඩ්වයිස් එකක් කැමතින්ම් ගතන්න කියල මම මිනිහට පැහැදිලි කරල දුන්න ඒ වැඩේ තියෙන බැරෑරුම්කම ගැන. ටිකක් වෙලා යද්දි මිනිහ තේරුම්ගත්ත කියල මම හිතනවා.

මේක ඇතුලේ මට කියන්න ඕන වුන දේ තමයි මිනිස්සු තාක්‍ෂණය ගන්න කියාට ඒ වෙනුවෙන් ඕන කරන සාක්‍ෂරතාව තාමත් ලබාගෙන නැහැ. හිතන්න ගේමක් දෙන මිනිහෙකුට ඕන කරන්නේ පොඩි වැඩ දෙකයි කරන්න. එක ඒ මනුස්සය ෆෝන් එකට ලොග්වෙන පාස්වර්ඩ් එකයි, බැංකු පාස්වර්ඩ් එකයි ලබා ගන්න එක. ඒක හරි සරලයි මිනිහ කාටත් පේන්න ඔය දෙකම ටයිප් කරන නිසා සහ වේගයේ අඩු කම නිසා මිනිහෙකුට මතකතායා ගන්න හරි පහසුයි. දෙක ඔය ෆෝන් එක උස්සන එක.  දැන් ඉතින් මිනිහගේ බෑංකු ගිණුම හිස් කරල ෆෝන් එක මිනිහටම ලැබෙන්න සලස්සනවා. සරලයි.

මිනිහෙක් ජීවිත කාලෙම උපයපු මුදල් මිනිත්තුවකින් නැති වෙලා යනව. හේතුව තමයි තමන්ගේ නොදැනුවත්කම හා නොසැලකිල්ල. ඉතින් මේ ටික ලියද්දිම අපූරු ෆඨිල්ම් එකකුත් හම්බුනා ඒ වගේ දෙයක් ගැනම. ඒ තමයි Beekeeper පුලුවන් අය ඒකත් හොයාගෙන බලන්න. අවසානෙදි කියන්න තියෙන්නේ තාක්‍ෂණය ලංකරගන්න. මොකද ඉදිරියේ දී තාක්‍ෂණය අත්‍යාවශ්‍ය සාධකයක් වෙනකව. හැබැයි ඒ එක්කම ඒ ඒ දේවල් වෙනුවෙන් ඕන කරන සාක්‍ෂරතාවයටත් ලබා ගන්න. නැතිනම් ඔයාල අසරණ වෙනවා. ඒ වගේ දේකදි මොනවත් කරන්න නීතියටවත් බැහැ.

පත්තායම වී මනින්න


දමිත් අසංක කියන්නේ වැඩිය විචාරයට පාත්‍ර නොවන ගායකයෙක්. කාලයක් ක්‍ෂේත්‍රෙය් පේනන් නොහිටියත් දැන් දැන් ආයෙත් ගීත වේදිකාවල දකින්න ලැබෙන චරිතයක්. මොකක්දෝ හේතුවක් නිසා ඒ හඬට අමුතු ගතියක් තියෙනවා. ඒ නිසාම ආයෙ ආයෙත් අහන්න හිතෙනවා. මේ තියෙන ගීතයත් එහෙම නැවත නැවත අහන්න හිතෙන ගීතයක්.

විමාලක මුහන්දිරම් විසින් රචනා කරපු මේ ගීතය ඉතිහාස කතාවක් පදනම් කරගෙන සිදු වුනා කියල තමයි කියන්නේ. ඒ ලංකාවේ අවසන් රජු වුන රාංසිංහ රජු සමයේ සිදුවීමක්. ඒ පද වලට ප්‍රියාන් පතිරණ දීපු සංගීතයත් මම කලින් කිව්ව වගේ දමිත් අසංකගේ හඬත් අපූරු සංයෝජනයක්.

ගීතය ගැන කියන්න කලින් ඉතිහාසය ගැන ටිකක් මතක් කලා නම් මේ ගීය තේරුම් ගන්න, මේ ගීයට කොයි තරම් බලවත් ද කියන එක තේරෙනවා. රාංසිංහ රජ්ජුරුවෝ කියන්නේ ටිකක් අමුතු විදිහේ නීතිරීති තිබුන පාලකයෙක් බව හැමෝම දන්නවානේ. ලමයෙක් වණයක දාල කොටන්න තරම් කෘරත්වයත් තිබුනා වගේම සමහර තැනක විහිලු තහලු අහන්න සංගීතය නැටුම් වලින් පිනැවෙන්නත් රාජසිංහ රජු කැමති කෙනෙක්. ඒ නිසාම තමා ඒ කාලෙ රජුට කොයි කවුරුත් බය වගේම රජු මොකක් කරයිද කියන අවිනිශ්චිත බව එක්ක ජීවත් වෙලා තියෙන්නේ.

පත්තායම කියන්නේ වී අරටුවට, වී බිස්සට. රජුගේ ඉඩම් ඒ කියන්නේ ජනයවා භුක්ති විඳින ඉඩම් වලින් අස්වැන්න  ගතාතාම රජුන්ගේ පංගුව වෙන් කරන්න ඕනි. අස්වනු නෙලල පත්තායම් පිරෙව්වට පස්සේ ඒ පත්තායම් වලින් වී මැනල රජුගේ පංගුව ගන්න වෙනම නිලධාරියෙක් ඉන්නවා. බදු නිලධාරියෙක් වගේ. එයාට කියන්නේ පත්තායම් නිළමේ. මේ කාතාව කියන්නේ ඒ නිළමේ කෙනෙක් කතා නායක කරල. මේ නිලධාරියාගේ ප්‍රේමයක් ගැන කියවෙන ගීතයක්. මේ කාන්තාව බිරිඳ වෙන්න තියෙන ඉඩ වැඩියි. නමුත් ආදරවන්තිය වෙන්නත් පුලුවන්.

පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ
 
පත්තාමේ වී මණින්න පුලුවන් වුනාට තමන්ගේ ආදරේ මණින්න බෑ කියල නිළමේ කියනවා. මෙතැනදී මම නම් හිතන්නේ ඇය මොකක් හරි දෙයක් නිසා ටිකක් අමනාපෙන්. ඉනිත් තමන්ට කිසිම ආදරයක් නැහැ කියල කරපු චෝදනාවකට පිළිතුරක් විදිහට කියන දෙයක් වගේ තමා මේක අරුත් වෙන්නේ.

හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ
 
හන්තානට මුවා වෙලා නෑඹුල් සුසුම් හෙලන්න කියල ඔහු කියනවා. ඒ ඇයට ඔහු නැති නිසා සොවින් හෙලන සුසුම් හැංගිලාම හෙලන්න කියල කියනවා. මේකට හේතුව ඉතිහාසසයෙන්ම ගන්න පුලුවන්. රංජසිංහ රජු ඒ කාලේ ලොකු අන්ත:පුරයක් තියාගෙන හිටි කෙනෙක්. තව රජු ගම් නියම් ගම් වල සැරිසරද්දී දකින සුන්දර කාන්තාවන් පවා ඔහුගේ අන්ත:පුරයට බඳවාගන්නවා. ඒ අයව ගම් වලම රජු වෙනුවෙන් වෙන් කරල තියන්න කටයුතු කරනවා. ඒ ඒ පැති වල යද්දී ඒ ඒ පැත්තේ බිසවක් ඉන්නවා. ඉතින් මේ නිළමේ තමන්ගේ ආදාරයට කියන්නේ හන්තාන වගේ විශාල කන්දක් පාමුල හැංගිලා ඉන්න කියලයි. මොකද රජ්ජුරැවෝ දැක්කොත් අන්ත:පුරයට බඳවා ගන්න තරම් අතිමහත් රූප ශ්‍රීයක් ඇය සතු නිසා. නොයිඳුල් සුසුම් තමන් වෙනුවෙන් ම වෙන් කරගෙන ඉන්න කියල ඇයට කියනවා.

රාසින් දෙවියන්ගෙ රටට
ඉර ආවත් පරිස්සමට
සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ

රාසිං දෙයායෝ කියන්නේ රාජසිංහ රජුට කියන නාමයක්. මේ රජුගේ තරම ගැන කියන්න අපූරු යෙදුමක් භාවිතා වෙනවා. ඒ තමයි රජුගේ කැමැත්ත නැතිව ඩර එළිය වැටුනත් ඒක වරදක්. ඒ වරද වෙනුවෙන් කිසිමසමාවක් නැහැ. දඬුවම මරණය වෙන්න පුලුවන්. ඉත්න ඒ තරම් කෙනෙක් යටතේ රාජකාරි කරන මං අතින් වරදක් වුනොත්, ප්‍රමාදයක් වුනොත් වෙන දේ හිතා ගන්නවත් බැහැ. ඒ නිසා දෙවියන්ට කරන කාර්යයක් විදිහට සළකලා තමා රාජකාරි කරන්නේ. එහෙම තමා අපේ ජීවිතේ ගලන්නේ.

ඉර ගලලා අඳුර වැටෙයි
තනිකම සීතලට නතුයි
නොයින් හාමතේ නොයින් හාමතේ
සුසුම් පතුල වැට මායිම්
එපිට ඉඳන් ගෙට පායන
සඳයි ජීවිතේ

පුරුෂ මූලික සමාංයක් වුන අතීතය තුල ගෘහමූලික පිරිමියාට පස්සේ තමා කාන්තාවක් කෑම ගන්නේ. ඒ නිසා හවස් වෙලා කලුවර වැටෙද්දී නුඹට තනිකම සීතල දැනෙන්න ගනීවි.ඒ වුනා කියල නොකා නොබී මම එනකන් ඉන්න එපා. මොකද මම එන වොලවක් කනියන්න බැහැ. ඔය සුසුම් වලින්, වැට මායිම් වලින් එපිට ඉඳන් ගෙට එළිය දෙන සඳ වගේ මමත් දුර ඉඳන් මගේ ආදරය නුඹ වෙනුවෙන් දෙනවා. රාජසිංහ රජුගේ ජීවිතයට සම්පූර්ණයෙන්ම කැප කරපු ජීවිතයක් වුනත් මගේ සිතුවිලි හැම විටම ඔයා ලඟ කියල තමා නිළමේ තමන්ගේ ආදරවන්තියට කියන්නේ.

මේ ගීතය අපූරු ප්‍රේම කතාවක් විතරක්ම නොවී ඉතිහාස කතාවකුත් වෙන්නේ ඒ නිසා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ ගීය ආයෙත් අහල බලන්න කියල.

පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ හීන් සීරුවේ

රාසින් දෙවියන්ගෙ රටට
ඉර ආවත් පරිස්සමට
සමාවක් නොවේ
සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ
අපේ ජීවිතේ

ඉර ගලලා අඳුර වැටෙයි
තනිකම සීතලට නතුයි
නොයින් හාමතේ නොයින් හාමතේ
සුසුම් පතුල වැට මායිම්
එපිට ඉඳන් ගෙට පායන
සඳයි ජීවිතේ
සඳයි ජීවිතේ

පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන්සීරුවේ හීන්සීරුවේ

ගායනය : දමිත් අසංක
ගී පද : විමාලක මුහන්දිරම්
සංගීතය : ප්‍රියාන් පතිරණ

ජෝතිශ්‍යය ගැන තව ටිකක්

කේන්ද්‍රය සාස්තර සහ අනාවැකි කියල මීට අවුරුදු 10කට විතර කලින් ලිව්ව ලිපියේ දිගුවක් විදිහට මේ ලිපිය ලියන්න හිතුවා. ඒ ලිපිය අස්සේ සරලව මේ ගැන ලිව්ව වුනත් මේ ගැන දීර්ඝ ලිපියක් ලියන්න තරම් කාලයක් ලැබුනේ නැහැ. ඒ පසුගිය කාලය පුරාවට තිබුණ ආර්ථික ව්‍යසනයත් එක්ක මානසිකව තිබුන ගැටලු එක්ක මේ වගේ ලිපියක් ලියන එක කරන්න අමාරුයි.

අටුවාටීකා නැතිව කතාවේ මුලට එන්නම්. ඒ තමයි ජෝතිශ්‍යය සහ විද්‍යාව. පහුගිය කාලය පුරාවට මම අධ්‍යයනය කල දේවල් සහ මිනිස්සු එක්ක කතා කරද්දී ඒ අයගේ අදහස් කොයි තරම් මේ සම්බන්ධයෙන් විමසිලිමත් ද කියන දේ එක්ක මේ ලිපිය තවත් රසවත් වෙනවා. කේන්ද්‍රය කියන්නේ ගණිතය සහ තර්ක ශාස්ත්‍රය එකතු වෙලා හැදුණු විශයක්.

කේන්ද්‍රය සහ ඒකේ දකින්න තියෙන මූලික දේවල් ගැන මම මතක් කරල ඉන්නම්. මූලිකව කේන්ද්‍රයක කොටස් 13කට බෙදපු විශාල කොටු තියෙනවා. සාමාන්‍යෙයන් දැන් හදන කේන්ද්‍රයක මේ වගේ කොටු දෙකක් විතරක් තිබුනත් පැරණි කෙන්ද්‍ර වලදී මේ වගේ කොටු හතරක් තියෙනවා. දැන් කේන්ද්‍ර වල මේ ප්‍රධාන කොටු වල මැදින් තියෙන කොටුවේ ලග්න කේන්ද්‍රම් සහ අනෙකේ නවාංශක කේන්ද්‍රමි කියල ලියල තියෙනවා. පැරණි ඒවායේ ඊට අමතරව සූර්ය හා චන්ද්‍ර කේන්ද්‍රම් කියල දෙකක් තියෙනවා. මේ කියන කෙටු උපකොටස් වලට බෙදල ඒවායේ ඇතුලේ තියෙන දේවල් ලියන එක ගණිතමය විදිහට තමයි කරල තියෙන්නේ.

ජෝතිශ්‍ය ඇතුලේ මූලික ව උපකල්පනය කරන දෙයක් තමයි සලකන සියලු ග්‍රහලෝක, චන්ද්‍ර කලාවන් හා තාරකා රාශි සියල්ල පෘථිවිය වටා තල වෘත්තයක සිදු වෙනවා කියන එක. තව සංකල්පමය වශයෙන් ග්‍රහලෝක හා චන්ද්‍ර කලාවන් එකම පාරක යනවා කියන එක. ඉතින් හිතන්න පෘථිවිය වටේ තියෙන් අංශක 360ක ප්‍රමාණය මේ සියලු වස්තූන්ට බෙදෙනවා. ඒ වගේමයි තාරකා රාශි ටික ස්ථිර තැන් වල තියෙන බවත් අනිත් ඇවිදින ග්‍රහ වස්තු ඒ ඒ තැන් වල උප්පත්ති වෙලාවේ දී පිහිටනවා කියන එකත් උපකල්පනය කරනවා. තවද හිරු සඳු දෙකත් ග්‍රහලෝක දෙකක් විදිහටම තමයි සලකලා තියෙන්නේ. මේ දේවල් වලට හේතුව ජෝතිශ්‍යය බිහිවන වකවානුව වෙද්දී තරු රටා ග්‍රහලෝක හා හිරු සඳු තිබුනා වුනත් ඒ අයගේ සැබෑ පිහිටීම් සම්බන්ධයෙන් අධ්‍යයන නොතිබීමයි. ඒ නිසා ඇහැට පේන විදිහෙන් මේවායේ ගමන තීරණය වෙලා තියෙනවා.

ඉහත කියපු අංශක 360ක ප්‍රමාණය අපි සලකනු ලබන රාශි 12ට බෙදුවාම අංශක 30ක ප්‍රමාණයක එක රාශියක්. තියෙනවා. ඔන්න එය ප්‍රමාණය තමා ලග්න කේන්ද්‍රය හදන්න ගන්නේ. ඒකෙන් 9න් එකක් වන අංශය 3 කලා 20ක ප්‍රමාණය නවාංශක කේන්ද්‍රයට ගන්නවා. සමහර ලග්න සඳහා නවාංශක රාශි නැහැ. ඒ නිසා තමයි 12න් බෙදන්නේ නැතිව 9ට බෙදන්නේ. ඒ වගේම තමයි කාලය තමා මේ ලග්න ඇතුලේ ග්‍රහ පිහිටීමට බලපාන්නේ. ඉතින් අපි අවුරුද්ද කොටස් වලට බෙදන්න පටන් ගන්නවා. වසරක කාලය 12න් බෙදුවාම එන මාසයක කාලය ඇතුලේ ලග්න ටික තියල තියෙනවා. ඒ මාසය නවයට බෙදුවාම අපි අයිති නවාංශකයට අයිති කාල ප්‍රමාණය හදා ගන්නවා. දින 3 පැය අටක ප්‍රමාණය තමයි ඒ. ඉතින් ඒ අතර කාලයේ උපදින සියල්ලන්ටම එකම විදිහේ සිදු වීම්  සිදුවීමේ “සම්භාවිතාවක්“ තියෙනවා.

දැන් අපි පොඩ්ඩක් ජෝතිශ්‍යය නිර්මාණය වුන කාලෙට ටිකක් ගිහින් බලමු. ඒ වෙලාවේ දී මේ වගේ සිදුවීම් සහ කේන්ද්‍ර ගණණාවක් නිරීක්‍ෂණය කරල ඒවායේ ප්‍රථිපල සංසන්දනය කරල නිර්මාණය වුනා කියල හිතන්න පුලුවන්. මෙතැනදී කට්ටිය තර්ක කරන්න පුලුවන් මේක මහා බ්‍රහ්මයා ඇවිත් කාටදෝ දීල ගියාය. ඒකෙන් පැවතෙනවාය කියල. කමක් නෑ ඒ අයට එහෙම හිතා ලන්න පුලුවන්. මොකද මේකේ පැවැත්ම තියෙන්නේ විශ්වාසය එක්ක නිසා. හැබැයි මෙතැනදී භාවිතා වෙන්නේ මම නිතරම කියන ක්‍රමයක්. ඒ තමයි “ඔබ සිදුවීම් දහසක් විසඳුම් සහිතව දන්නවා නම් එක් දහස් එක ලෙස සිදු වීමක් නොමැත“ යන්නයි. නමුත් එය ජෝතිශ්‍යය ආරම්බ වුන කාලයට සත්‍යයක් වුනත් අද කාලයට කොයි තරම් දුරකට සාර්ථකද කියන එක අවුලක්. ඒ නිසා ඒක මේ විදිහෙන් වෙනස් වෙන්න ඕන කියල හිතනවා. ඒ තමයි “ඔබ සිදුවීම් මිලියනයක් විසඳුම් සහිතව දන්නවා නම් එක් මිලියන එක ලෙස සිදුවීමක් නොමැත“ ලෙසයි.

මේක සිදුවෙන හැටි ගැන අවශ්‍ය නම් කොමෙන්ට් දාල තියන්න. අපි ඒ ගැන තවත් ලිපියකින් කතා කරමු.

හරි අපි හිතමු කොහොමද මෙයාල මේ පුරෝකථනය කරන වැඩ කරන්නේ කොහොමද කියල. එතනදී එයාල ගාව තියෙනවා දත්ත පද්ධතියක්. මම මේ කියන දේවල් අද කාලේ හැටියට ගැලපෙන්න ලියනවා. මොකද අද කාලේ කෙනෙක්ට “සුදු අශ්වයෝ හතර දෙනෙක් බැඳපු අශ්වකරත්තයක් හිමි අයෙක්“ කිව්වට නොතේරුනාට අවුඩියක්, ලැම්බෝගිනියක් තියෙන එකෙක් කිව්වම තේරෙන නිසා. ඉතින් මේ දත්ත පද්ධකතිය ඇතුලේ තියෙනවා එක් එක් ග්‍රහයා, රාශි සහ ඒවායේ විය හැකි සංයෝගයන් නිසා සිදු වෙන්න පුලුවන් දේවල් ගැන. ඔය විදිහට එක් පුද්ගලයෙක් සඳහා අපි සලකන ග්‍රහයන් 9ත් රාශි 12 සහ සැලකුවාම විතරක් විය හැකියාවන් 2^22 විතර තියෙනවා. ඒ කියන්නේ විය හැකියාවන් ආසන්න වශයෙන් 4,194,304 විතර.

දැන් මේකේ ඊලඟ කොටස, අපි කියමු කවුරු හරි කෙනක් උපන්නා කියල. තත් කාලයේ ඒ පුද්ගලයාගේ උප්පත්ති කෙන්ද්‍රය හදනවා කියන්නේ ඒ වෙලාවේ දී ග්‍රහයන්ගේ පිහිටීම ලියනවා කියන එක. ඉතින් මේක කරන්න ග්‍රහලෝක පෙනෙන්නේ නැති නිසා දන්නා වෙලාවක ග්‍රහලෝක වල පිහිටීම අරගෙන දැන් වෙනකන් ගතවුන කාලය අනුව සිදුවෙලා තියෙන වෙනස්කම් සලකලා පිහිටීම ගන්න එක. ඒ වෙනස අනුව දැන් ග්‍රහලෝක හා රාශි පිහිටීම තියෙන සටහන තමා අපි කේන්ද්‍රය කියල කියන්නේ. ඊට පස්සේ අපි කරන්නේ අර කිලින් කිව්ව දත්ත පද්ධතිය අනුව මේ පුද්ගලයාගේ ග්‍රහ පිහිටුම් වලට අදාල විය හැකියාවන් එකිනෙක තිය තිය තර්ක කරන එක. කොටින්ම කිව්වොත් සිදුවිය හැකියාවන් වල පොදු කොටස ගන්නවා. අන්න ඒ්ක අනුව අපි කියනවා මේ දේ වෙන්න පුලුවන් කියල. ඒක අද තියෙන ග්‍රහ පිහිටුමේ ඉඳන් තව මාසයක්, අවුරුද්දක් වෙනකම් වුනත් ග්‍රහ පිහිටීම් ගණනය කරල ඒ ඒන ඒවට අදාල පොදු සිදුවීම් බලල වෙන්න පුලුවන් දේ පුරෝකථනය කරන්න පුලුවන්.

හැබැයි මෙතැනදී තව දෙයක් වෙනවා. අපි හිතමු අපි කෙනෙක්ගේ කේන්ද්‍රය බලල කියනව කියල එයා ඊලඟ සතිය තුල පඩිපෙලකින් වැටිල තුවාල වෙන්න පුලුවන් කියල. ඊට පස්සේ එයා හොඳින් පරිස්සම් වෙනව. පඩිපෙලවල් වලින් යද්දි විශේෂිතව පරිස්සම් වුනා නම් වැටෙන්නේ නැතිව බේරෙන්න පුලුවන්. ඊට පස්සේ කියන්න පුලුවන් කේන්ද්‍රය බොරු කියල. ඒක සාධාරණ නිවැරදි තර්කයක් නෙවෙයි. මොකද කේන්ද්‍රය කියන්නේ ජොතිශ්‍ය විද්‍යාව අනුව විය හැකියාවක් කියන එකක්, එහෙම නැතිනම් පුරෝකථනයක් කරන දෙයක්. කෙනෙක්ට අධිෂ්ථාන කරල ඒ දේ වෙනස් කර ගන්න හැකියාවක් තියෙනවා. අපි හිතමු අපි x කියල කෙනෙක්ගේ කේන්ද්‍රය බලල y කියන කෙනාට විස්තරය කියනව කියල. දැන් කිසිම දෙයක් නොදන්න x විශේෂ පරිස්සමක් වෙන්නේ නෑ. අන්න ඒ වගේ වෙලාවකදී අපිට මේකේ නිවැරදි බව බලන්න පුලුවන්.

කොහොම වුනත් විශයක් හැටියට හදාරන විට ගණිතය හා තර්කය දන්න කෙනෙක්ට මේක පහසුවෙන් ග්‍රහණය කරගන්න පුලුවන්. ඉතින් ඔයාලගේ අදහසුත් ලියන්න. පස්සේ වෙලාවක ආයෙත් මේ ගැන ලිපියකින් එන්නම්. එතෙක් ජය.

විකසිත පෙම් පොකුරු පියුම්

විරහව විඳින්න මොන තරම් නම් විධි තියෙනවද? විරහව එක් එක් අය දාරා ගන්න විධියට වෙනස්. අද කාලයේ ඇහෙන ගොඩක් ප්‍රවෘත්ති විරහව දරාගන්න බැරි වුන නිසා සිදුවෙන ඛේදවාචක විදිහට තමයි අහන්න ලැබෙන්නේ. ඒක බොහෝමයක් වෙලාවට සිදු වෙන්නේ විරහව තමා තුල සිරකරගෙ සිටීම නිසා විඳි වීම පසුව මානසික ආතතිය බවට පත් වීම නිසා කියලයි මම ිනම් හිතන්නේ. නමුත් කලාව දන්න මිනිහා, කලාකාරයෙක් ඒ විරහවම තමාගේ කලාව ඇතුලට සම්මිශ්‍රණය කරල සමාජවයටම මුදාහරිනව. ඒ තුල තමාගේ ශෝකය අඩු කරගන්නත් කාට හරි තමන්ගෙ කතාව කියල ලැබෙන සැනසීමත් ඔවුන් ලබා ගන්නවා. ඔය දේ නැති තැනදි වෙනන්න පුලුවන් හානිය අපමණයි. මේ තියෙන්නේ එක් කලාකාරයෙක් තමාගේ විරහව විඳින ආකාරය.

ආචාර්ය අංන්තා රණසිංහයන් අතින් ලියැවෙන මේ පද ඔහුගේම කතාවක් කිලත් සමහර අය විග්‍රහ කරනව. ඒ කොාහම වුනන් කලාවත් එක්ක සම්මිශ්‍රිත විරහව මේ පද ඇතුලෙ අපූරුවට හංගනව. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා ලබා දීපු සංගීතය, කේමදාස මාස්ටර් ඒ හැඟීම් උපරිමයටම තියන්න හදාපු විදිහත් හරිම අපූරුයි. ඒ සංගීතය ආරම්භයම ගම්බද හැඟීමක් තමයි මවන්නේ. මම නම් ගමක වලව්වක පොඩි කුමාරිහාමි කෙනෙක්ට පෙම්බැන්ඳ තරුණයෙක්ගේ කතාවක් කියන තැනට තරම් ගෙනියන්න මේ සංගීතයම ප්‍රමාණවත්.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

කතානායකයගේ එහෙමත් නැතිනම් තරුණයාගේ හිතෙත් තරුණියගේ හිතෙත් ඇතිවුන ආදරයක්. ඒ ආදරේ නවතින්නේ කාන්තාවගේ පැත්තෙන්. ඇයගේ පයටයි පොඩි වෙලා විනාශ වෙලා යන්නේ. ඒ ඇතුලේ ආදරයට වඩා ඇයගේ තත්වයේ උසස් බවක්‍ පෙන්වනවා කියලයි මම හිතන්නේ.ඇයගේ තත්ත්වය හමුවේ තරුණයාගේ ආදරය පයට පෑගිලා පොඩිවෙන තරමයි. ඔහු කියනවා ඔහුට පිටුපාල පතිකුලයට යනව කියල. එතනත් ඇය ඔහුට වඩා උසස් අයෙක් හා යන බවක් හඟවනවා. නමුත් අවසන් පෙල ඔහු තවමත් ඇය ආමන්ත්‍රණය කරන්නේ "සොඳුරු ලඳුනේ" කියල. ඒ ඇය ගැන තවමත් ඇති ආදරයේ ප්‍රමාණයමයි. ඔහු වෛර කරන්නේ නෑ. ඔහු තේරුම් ගන්නවා ඇය ඔහුට අයිති නැති බව.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

ඔහු ඊලඟට කියන්නේ තවත් කතාවක්. ඒ ඇය යන තැන, ඇයගේ විවාහක සැමියා ගැන දන්නවා වගේ හැඟීමක් මතුකරමින්ම මතක් කර දෙන්නක්. ඒ ඇයට දවසක ඉන්න තැනක දුකක් කඳුරක් ආවොත්, කාටවක් කියාගන්න බැරිව අඬන්න වුනොත් අපේ ආදරය මතක්වෙලා විරහ වේදනාව දැනෙන්න එපා කියලයි. ඒ වේදනාව ගින්නක් වගේ දාගන්න බිරි බව ඔහු දන්නව. ඒ වේදනාව කවදාවත් ඇයට දැනෙන් එපා කියල තරුණය ප්‍රාර්ථනා කරනව.

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා

ජීවිතේ පසු කාලයකදී වුනත් ජීවිතේ තනියක් දැනෙද්දී වුනත් ඔයා තෝරගත්ත ඔය සැපවත් ජීවිතය ඇතුලේ ඒ දුක නොදැනෙන්න තරම් දේවල් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ආයෙමත් මුලින් කියපු ඇය ඔහු වෙනුවට තොරගත්තු සැපවත් ජීවිතය පිලිබඳවත් රචකයා මතක් කරනවා.


තනියම ඉන්න නිශ්ෂබ්ද වෙලාවක, අනිත් සද්දබද්ද වලින් පිරුණු සංකීර්ණ ලෝකෙන් අයින් වෙලා මේ සගීතය අහල බලන්න. ඔයාලට මොනවගේ චිත්‍රයක්ද මැවෙන්නේ කියල. හිතනවා ඔයාලගේ අදහස් මේ යටින් ලියැවෙයි කියල.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...//

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...//

විකසිත පෙම්...

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...//

විකසිත පෙම්... //

ගායනය: විශාරද පණ්ඩිත් අමරදේව
ගී පද: අජන්තා රණසිංහ
සංගීතය: ප්රේමසිරි කේමදාස

මගේ ගමන් බිමන් එකසිය විසි එක්වෙනි කොටස - ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය

කොළඹ සිට මහනුවර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිලිමතලාව නගරයෙන් දකුණට හැරී දවුලගල මාර්ගයේ කිලෝමීටර් 1 1/2ක් පමණ ගිය විට හමුවන ගඩලාදෙණිය රජමහා විහාරය පසුකරමින්, තවත් කිලෝමීටර් 4ක් පමණ ඉදිරියට ගිය විට හමුවන හියරාපිටිය ගම්මානයේ ඇති පැන්හල්ගල නම් වූ ගල්පර්වතයේ මුදුණේ ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය පිහිටා තිබේ. 

ගම්පොළ යුගයට අයිති යැයි සැළකෙන මෙම විහාරය ක්‍රි:ව: 1344 දී පමණ 4 වන බුවනෙකබාහු රජුගේ ඇමතියෙකු වු සේනාධිලංකාර විසින් කරව ඇතැයි සැළකේ. රමණීය වටපිටාවකින් සමන්විත මෙම ස්ථානයේ ඉදිකරන ලද මෙම විහාරය බුදුගෙයක් වන්නා සේම දේවාලයක් වන බවටද එහි අංග ලක්ෂණ විදහාපායි.
ජනප්‍රවාදයේ සදහන් වන අන්දමට පර්වතය පාමුල සංඝාවාසයක් තිබී ඇත. එහි වාසය කල එක් භික්ෂූන්වහන්සේ නමක් ගුරුවර භික්ෂූන්වහන්සේ නම හා උරණවී ගල මුදුනට නැග එහි තිබූ ජම්බු ගසකින් ගෙඩි කඩාකමින් ගල මිදුනේ තිබූ පොකුණ දෙස බැලූ කල්හි රන් කලයක් පාවෙනු දැක තිබේ. පොකුණට බැස එය ගැනීමට උත්සාහ කරද්දී එය වෙනත් තැනකින් යළි මතුවී තිබේ. මෙය අද්භූතජනක සිදුවීමක් වූ බැවින් එය තම ගුරු භික්ෂූන් වහන්සේහට දන්වා ඇත.  ගුරු භික්ෂූන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි සත්‍යතාවයක් ඇතිබව තේරුම් ගෙන ගම්ප්‍රධානීන් මගින් සිව්වන බුවනකබාහු රජුට මේ පිළිබදව සැළකර සිටින ලදී. රජතුමාගේ මහඇමති වූ සේනාධිලංකාර විසින් මෙම ස්ථානය ජයබිමක් ලෙසට හදුනාගෙන මෙහි රජමාළිගයක් ඉදිකිරීමට සුදුසුයැයි සැළකර සිටියද, සිව්වන බුවනකබාහු රජු විසින් මෙහි විහාරයක් සහිත දේවාලයක් ඉදිකිරීමට අණ දී එය සංඝයාවහන්සේට පූජා කර ඇත. තවද විහාරය නිර්මාණය කිරීමේ කටයුතු වෙනුවෙන් මසුරන් තුන් කෙල ලක්ෂයක් වැය වූ බව ඉතිහාසයේ සඳහන්ය.
ලංකාතිලක විහාරයේ ඵෙතිහාසික වැදගත්කම සම්බන්ධයෙන් විමසා බැලීමේ දී මෙහි දක්නට ලැඛෙන කලා නිර්මාණ අමතක කළ නොහැකි ය. ඉන්දියානු ආභාසය ද සමගින් නිර්මාණය කර තිඛෙන මෙහි නිර්මාණ දකුණු ඉන්දීය ශිල්පියෙකු වන ස්ථාපතිරායර් විසින් කරවන ලදී. විහාරස්ථානයේ නැගෙනහිර දෙසින් බුද්ධ ප‍්‍රතිමා සහිත පිළිම ගෙය, බටහිර දෙසින් දේවාලය පිහිටා තිඛෙන අතර, ගල් තලාව පාමුල විහාරගෙය පැත්තෙහි සංඝාවාස ඉදිකර තිබේ. මෙම විහාර භූමියේ ම චෛත්‍ය, බෝධිය, බණ මඩුව සහ දෙවියන් වෙුනවෙන් ආහාර පිසීම සදහා යොදා ගන්නා ලද මු¨තැන්ගෙය යනාදි ගොඩනැගිලි දක්නට ඇත.


 
බුදු මැදුරට පිවිසෙන අවස්ථාවේ දී දක්නට ලැඛෙන මකර තොරණ වැදගත් ස්ථානයක් හිමි කරගනී. විහාර ගෙයි දක්නට ලැඛෙන විශාල බුදු පිළිමය ලාංකීය ශිල්පියාගේ අනන්‍යතාව මනාව විද්‍යමාන කරවන අතර, නුවර යුගයේ කලා ලක්ෂණවලින් මෙය පරිපූර්ණත්වයට පත් වේ. ඇත් රූප 16කින් සහ කුඩා මකර තොරණ් 05 කින් සමන්විත වූ රූ කැටයම්වලින් විහාර ගෙයි පිටත බිත්තිය අලංකාර කර තිබේ. විහාරයට පිවිසෙන විට හමුවන සඳකඩපහන ද මෙම යුගයේ කලාකරුවාගේ කලා කෞශල්‍ය මනාව විද්‍යමාන කරවයි. අනුරාධපුර සහ පොළොන්නරු යුගවල මෙන් නොව මෙහි බිත්ති අලංකරණය උදෙසා යොදා ගෙන තිඛෙන චිත‍්‍ර ද මෙරට කලාකරුවාගේ කෞශල්‍ය මනාව විදහා දක්වයි.