Fashionable Girls

ගැහැණු ලමයි ගැන ලියන එක හොඳද මන්දා...! මම මේ ලියන්නේ බහුතරය ගැන නොවේ සුලුතරය ගැනයි. ගැහැණු ලමයි අඳින පලඳින එක ගැන මම මේ ලියන්නේ මම දරන මතය. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා ඒ වගේම තැනින් තැනටත් වෙනස් වෙනවා. "වව්ලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්ට වෙනවා" කියල කතාවක් තියෙනවනේ...!

අපි 21 වන සියවසේ වුනත් තාම ජීවත් වෙන්නේ ලංකාවේ. ඒකෙ තියෙනව සංස්කෘතිය කියල දෙයක්. මේක ගොඩක් පිරිමි ලමයින්ටත් බලපානව. ඒත් පරණ කියමනක් තියෙනවනේ "කොල්ලෙක් නම් ඉතින් හෝදල ගෙට ගතහැකි ඒත් කෙල්ලෝ එහෙම බැහැ" කියල.

දැන් ගොඩක් ගැහැණු ලමයි හිරවෙන කලිසම් කිටි කිටියේ තදවෙන්ට ඇඳගෙන යනවා. තවකෙක් මිනි ගවුම් ඇඳගෙන යනවා ඒවත් මදි මයික්‍රෝමිනි අඳින්න තමයි ට්‍රයි එක. ඉතින් ඔහොම ඇඳගෙන යන්නේ බස් එකක නැත්තම් සයිකලයක. එහෙම යද්දි පාරෙ ඉන්න කොල්ලෙ කුරුට්ටෝ විතරක් නෙවි නාකි මිනිස්සුත් හැරිල බලනව. (කියවන ඔයාලත් දැකල විඳල ඇති)

ඔහොම බලද්දි මේ ගැහැණු ලමයි ඔරවල යනවා. මොනවා හරි කිව්වොත් අඩුගානේ ලස්සනයි කිව්වත් මුලින් අත සෙරෙප්පුවට ඊට පස්සෙ කෙලින්ම කණට සෙරෙප්පුවත් එක්කම. වටපිටාවේ හිටිඑව්න් බනින්නෙත් කොලුවට. ‍යකෝ විලිවහගන්ට තියෙන වස්තරේ fashion කොරනව කියල අර්ධ නිරුවස්තරේ යන්නේ වටපිටාවේ එව්වන්ට බලන්ට මිසක් මොන කෙංගෙඩියකටද? පිටරට සංස්කෘතියට ඇඳ පැලඳගෙන ලංකාවේ සංස්කෘතියට තමන්ගේ ගෞරවය ආරක්ෂා කරන්ට හදනවා. මේක හරියන වැඩක්ද කියල ගැහැණු පිරිමි දෙගොල්ලම හොඳට හිතල බලන්න.

මම මේ කියන්නේ මමත් මේ වගේ ගැහුණු ලමයි දැකල තියෙන නිසා. හැබැයි ඉතින් මේ වගේ නොගැලපෙන වැඩ කරන කෙනෙක් දැක්කොත් විහිලුවක් විදිහට හරි ඒක කියන එක නම් මම කරනව.

මේක තනි ගැහැනු ලමයගෙ විතරක් වරද නෙවි ඒදේ කරන්න දෙන දෙමාපියනුත් ටිකක් හිතන්න ඕන දෙයක්. හරි විදිහට අඳින හැටි පොඩිකාලේ ඉඳලම පුරුදු කරන්න ඕන දේවල්. මම දන්න තැන් තියෙනව පොඩි ලමයින්ට නොගැලපෙන ඇඳුම් අඳින්ට දෙන ඒ දෙමාපියෝ හොයන්නේ සල්ලි හොයන ක්‍රම විතරයි. ලමයෙක් ගෙදරින් එලියට යනකොට ඇඳගෙන යන්නේ මොකක්ද කියල හොයන එක දෙමාපියන්ගේ වගකීමක්නේ..!

7 comments:

  1. උඹටත් ඇතිවෙන ප්‍රශ්න......!!
    ඔයවාගෙ දකින් සීන් ඔක්කොම මෙමරියට දාගෙන,හවසට ගෙදර ගිහින් චක්කරේ ගනන් කරන එකයි තියෙන්නෙ.

    ReplyDelete
  2. කතාව නම් හරියටම හරි, ලොකුවට පෙන්නගෙන ගිහිල්ල අමාරුවෙ වැටිල පස්සෙ නිකං බොරුවට දඟලනවා.

    ReplyDelete
  3. එහෙම කෑල්ලක් වත් නැත්නම් දුප්පත් අපි ආතල් එකක් වත් ගන්නෙ කොහොමද?

    ReplyDelete
  4. රොබාගෙ පංති යන කාලෙ හෙම එහෙම එක්කෙනෙක් දැක්කෙ නැතෙයි?

    ReplyDelete
  5. දැක්කා දැක්කා ඒ කාලෙ තමා ගොඩක් දේ දැක්කේ...!:)

    ReplyDelete
  6. ube hithe thyena wanacharaka thama hethuwa....ube hithe thyena wanachara kama wahaganna thama uba oya kellannata baninne...

    ReplyDelete
  7. වනචරකමෙන් මේ දිහා බැලුවනම් මමත් කටපියාගෙන ඒ එකක්ම සෙට් කරගන්නවනේ. ඒ කම මමගාව නැති හින්දා තමා මේ ටික කිව්වේ අනිත් අයටත් (වනචරයින්ට) ඒක අයින් කරගන්නයි. ඒකට පොලඹවන අයට ඒක වෙනස් කරන්නයි.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!