පරිඝණකයක් පාවිච්චි කරනවානම් මේ ගැනත් හිතන්න.......!

     අපි පරිඝණකයක් භාවිතා කරද්දී ඒක නිවැරදි ආකාරයෙන් භාවිත කරනවද? ඒක නිවැරදිව නඩත්තු කරනවද? මේ දේවල් ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුව පරිඝණකය භාවිතා කරනවානම් ඒ පරිඝණකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ කිසිම වගකීමක් දරන්න නම් බැහැ. මූලිකවම පරිඝණකයේ පිරිසිදුකම ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ දේ ගැන පරිඝණකය නිවසට ගෙනාපු අළුත නම් සැලකිලිමත් වෙනවා. ඒත් පහුවෙද්දී ඒ සැලකිල්ල නැහැ. පරිඝණකයේ system unit එක ඇතුලේ තිබෙන ඉඩකඩ තුල මකුළුදැල් හා දුවිලි එක්රැස් වීමේ හැකියාවක් තිබෙනවා. මෙතැනින් වඩාත්ම බලපාන්නේ දූවිලි තමා. ඊට හේතුව වන්නේ දූවිලි එක්රැස් වී තිබෙන තැනකට තෙතමනයක් ලැබුණොත් ඒ ජලය, දූවිලි විසින් උරාගැනීම. මේ වෙලාවෙදී පරිපථ ලුහුවත් වීමක් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා mother boards, RAM, power supply, hard disk ආදිය පිළිස්සෙන්න හැකියාව තියෙනවා. මේක වලක්වා ගන්න නම් කළ යුතුදේ තමා අඩුම ගනනේ මාස එකහමාරකට වරක්වත් පරිඝණකය service කරන එක. ඒ දේ තමන්ටමත් කරන්න පුළුවන් (හැබැයි පරිඝණකය ගලවන්න තරම්වත් දැනුම තියෙනවානම්).
Processor එක අවට දූවිලි බැඳී ඇති අයුරු - අම්බලන්ගොඩ
     
දූවිලි බැඳුනු System fan එක - අම්බලන්ගොඩ
     ඒ වාගේම වඩාත්ම පරිස්සම් විය යුතු වන්නේ මුහුදුබඩ කළාපයේ උදවිය. ඒකට හේතුව තමා පරිඝණක කොටස් මළබැඳීමේ අවදානමක් තිබීම. ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න ඔයාලාගේ පරිඝණකයේ තත්ත්වය ගැන. ඒ වාගේම මුහුදු සුලං වලින් පුළුවන් තරම් ආරක්‍ෂාවන විදියට පරිඝණකය තියාගන්න කටයුතු කරන්න.

      මේ දේ මුහුදුබඩ කළාපයේ මෙන්ම ආර්ද්‍රතාවය වැඩි පළාත් වලටත් වෙනවා. ඒකට හේතුව තමයි නිතරම තෙතමනය පරිපථ කොටස් වල දැවටීම. ඒ අතර සවිකරද්දී වුන පලුදු වීමක් තිබුනොත් අනිවාර්යයෙන්ම ඒ කොටස් මළ බැදීමකට ලක්වෙනවා.

තෙතමනය නිසා සිදුවූ හානිය - බදුල්ල
දුවිලි හා තෙතමනය - බදුල්ල
  
     දෙවැනි කාරණාව තමා පරිඝණකයක් ගත්තාම ඒක පාවිච්චි කරන්න ඕන. ඒකට හේතුව තමා ඒ දේ භාවිත නොකර හිටියාම එහි ක්‍රියාකාරිත්වය ඇනහිටින්න පුළුවන්. ගොඩක්ම වෙලාවට වෙන්නේ operating system එක damage වෙන එක. ඔයාල මෙහෙම හිතන්න. මනුස්සයෙක් කිසිම වැඩක් නොකර ටික කාලයක් හිටියොත් ඒ පුද්ගලයා ලෙඩ වෙනවා නේද? ඒ වාගේම තමා මේ පරිඝණක වුනත් ලෙඩ වෙනවා. ඒ නිසා නිතර භාවිත කරන එක තමා හොඳ. අඩුම තරමේ දවසට විනාඩි 30ක් වත් පාවිච්චි කරනවානම් තමා හොඳ.


      හැබැයි ඉතින් ආරක්‍ෂා කරන්න කියල පරිඝණක දේවත්වයෙන් අදහන්න වුනත් හොඳ නැහැ. ඒ මොකද නිතර නිතර පරිඝණක ගලවන්න හොඳ නැහැ. හොඳම දේ තමා සාමාන්‍ය ලෙස පිරිසිදුවට පරිඝණකය තියාගෙන ඒ අවටත් පිරිසිදු ලෙස තියාගන්න ගමන්ම මාස එකහමාරකට හෝ දෙකකට වරක් ඒක service කරන එක.

8 comments:

  1. වැදගත් ලිපියක්..............

    ReplyDelete
  2. Kosala Jayasekara27 March 2011 at 21:56

    වැඩිය හුරතල් කරන්න හොද නෑ Machines

    ReplyDelete
  3. බොහොම හොදයි

    ReplyDelete
  4. කොටින්ම කිව්වොත් කෝසල මල්ලි කිව් එක තමා කියන්න තියෙන්නේ...!

    ReplyDelete
  5. හොදයි සනා හොදයි සනා හොදයි සනා

    ReplyDelete
  6. pawichchi nokara hitiyama os damage wenne kohomada? onna petrol engimak nam pawichchi nokara hitiyama sawuththu wenawa kiwwahahi.

    ReplyDelete
  7. ඒක නම් අත්දැකීමෙන්ම ආව දෙයක්... මමත් තාම හොයනවා ඇයි එහෙම වෙන්නේ කියල. ඒත් ගොඩක් machine වල ඒක වෙලා තියෙනවා.... :(

    ReplyDelete
  8. ගොඩක් machine වල OS එක වින්ඩෝස් නේද? :P

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!