මගේ ගමන් බිමන් සත්වන කොටස - ඉහල කොත්මලේ ව්‍යාපෘතිය

ලාංකික විදුලි ඉල්ලුම දැනට වර්ෂයකට 7-8% ප්‍රමාණයකින් ඉහල නගිමිනුයි තියෙන්නේ.  මේ ඉල්ලුම සපුරන්න නම් 150MW ප්‍රමාණයක නිශ්පාදන ධාරිතාවක් අවශ්‍ය වෙනවා වර්ෂයකට. මේ විදුලිය නිශ්පාදන කරන්න සැලසුම් වෙලා තියෙන්නේ විවිධ ස්ථාන වල ඉදිවෙන කුඩා හා විශාල ප්‍රමාණ වල ජල විදුලි බලාගාර විදිහට. මේ සඳහා සැලසුම් කල ව්‍යාපෘතියක් තමා ඉහල කොත්මලේ බලාගාර ව්‍යාපෘතිය කියන්නේ. මේකත් මහවැලි යෝජනා ක්‍රමය යටතේම සිදු වෙන්නක්. මේ ව්‍යාපෘතිය සඳහා ආධාර සපයන්නේ ජපන් රජය මගිනුයි. 2011 වසරේ දෙසැම්බර් මාසය වන විට මෙහි සියළු වැඩ අවසන් කල හැකි වේ යැයි අපේක්‍ෂා කරනවා.
බලන්න එන අයට


ව්‍යාපෘති සැලැස්ම

කාර්යයාලය ඉදිරිපිට











ව්‍යාපෘතිය සඳහා මුළු පිරිවැය විදිහට රුපියල් මිලියන 37,269ක් වැයවේ යැයි ඇස්තමේන්තු සකස් කරල තියෙනවා. ජලාශයේ මුළු පැතිරීම වර්ග කිලෝමීටර 0.25ක් වෙනවා වාගේම 150MW ධාරිතාවෙන් යුක්තයි. එහි අපේක්‍ෂිත දවාර්ශික බල සැපයුම 409GWh වෙනවා. මේකත් ලංකාවේ තියෙන එක භූගත බලාගාරයක්. මේ බලය ලබාගන්න උස වෙනස විදිහට මීටර 473කුත් උපරිම ජල පිටකිරීම තත්පරයට ඝනමීටර 36.9කුත් වෙනවා. මේකෙ ජනන හැකියාව 31%ක්. මේ ව්‍යාපෘතිය කාලයකදී කාගෙත් අකමැත්ත ප්‍රකාශවුන යෝජනාවක් උනත් ඒ පෙර තිබූ අකමැත්ත මැඩ ගන්න විකල්ප සැලසුමක් ඉදිරිපත් කරල තමා දැන් සැලසුම් සකස් කරල තියෙන්නේ. මේකට හේතු වෙලා තියෙන්නේ පැරණි සැලැස්ම අනුව ලංකාවේ ලස්සන දිය ඇලි පහක් වෙන ශාන්ත ක්ලෙයාර්, ඩෙවෝන්, පූණාඔය, රම්බොඩ හා ශාන්ත ඇන්ඩ්රූස් යන දිය ඇලි විනාශ කෙරෙමින් මේ ව්‍යාපෘතිය ඉදිවීම. නමුත් නව සැලසුම් අනුව නම් අපිට නැතිවෙන්නේ එක් දිය ඇල්ලක් පමණයි. ඒ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල. නමුත් මේ දිය ඇල්ල නරඹන්න එන අය සඳහාත් සැලසුමක් සකස් වෙලා තියෙනවා. ඒ තමා දිනකට දහවරක් පැය භාගයකට වරක් මේ දිය ඇල්ල සඳහා පැය භාගයක් ජලය ලබා දෙන්න. ඒ සඳහා ඉදිවෙන වේල්ලේ වෙනනමම නලයක් යොදාගෙන තියෙනවා. මෙමගින් උපරිමය විදිහට තත්පරයට ඝනමීටර 6.6ක ප්‍රමාණයක් තමා ලබාදෙන්නේ.
මෙහිදී පිවිසුම් වේල්ල ඉදි කරන්න මුලින්ම හැරවුම් උමගක් සාරල ඒක මගින් ඔයේ ජලය වෙනතක හැරවීමක් කරල තිනෙවා. ඊට පස්සේ තමා වේල්ල ඉදි කරල තියෙන්නේ. මේ වේල්ල මීටර 35.5 උස වන අතර දිගින් මීටර 157කුත් පළල මීටර 7කුත් වෙනවා. මෙහි වාන් දොරටු 5ක් ඇති අතර මේ වේල්ලේ දැනට විශාල ප්‍රමාණයකින් වැඩ අවසන් වෙලා තියෙනවා. වේල්ල ඉදිවන්නේ තලවකැලේ වුවත් භූගත බලාගාරය නම් ඉදිවන්නේ නියම්ගම්දොර ප්‍රදේශයේ මේ බලාගාරය සඳහා ජලය ගෙනයාම සඳහා කිලෝමීටර 13ක් දිග විශ්කම්භයෙන් මීටර 5.8ක් පමණ වන භූගත උමං මාර්ගයක් යොදාගන්නවා. විදුලිය නිශ්පාදනය සඳහා මිටර 461ක උස වෙනසක් යොදාගන්නා අතර ඇතිවන පීඩන අන්තරය නිසා උමං මාර්ගය විනාශ වීම වලක්වන්න කැලඹුම් ලිදක් උපයෝගී කරගන්නවා. විදුලි ජනනයෙන් පස්සේ ජලය ආයෙම කොත්මලේ ඔයට නිදහස් කරනවා.

වේල්ල

වේල්ල

හැවුම් උමඟ

වේල්ල සැලසුම

වේල්ල ඉදිකිරීම්

බලාගාර පිහිටුම

උමඟේ සැලසුම

බලාගාර උස වෙනස

ප්‍රධාන උමඟ

බලාගාරය

බලාගාරය

පලමු ටර්බයිනය විවෘතකිරීම

පළමු ටර්බයිනය විවෘත කිරීම

ටර්බයින සැලැස්ම

ටර්බයින සැලසුම
හැරවුම් උමඟ













බලාගාරයේ දී ජලය ගෙනයන උමඟ දෙකට බෙදමින් විශාල ටර්බයින දෙකකට ලබා දීම මගින් විදුලිය උත්පාදනය කරන අතර මෙහි සිදුකල යුතු අළුත් වැඩියාවන් සඳහා පිවිසුම් උමඟකුත් නිපදවන විදුලිය ගෙනයාමට රැහැන් සඳහා උමඟකුත් විදිහට උමං දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. මෙහිදී අවතැන් වෙන පිරිස් සඳහා නිවාස සහ විනාශවෙන දෙමළ මහා විද්‍යාල නැවත ඉදි කිරීම. පාලම්, නගරසභා ගොඩනැගිල්ල, ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල සඳහා නැරඹුම් මැදිරියක් හා නවාතැන් පහසුකම් ලබා ගැනීම සඳහා හෝටලයක්ද නිර්මාණය කරමින් පවතිනවා. නිවාස හා දෙමළ මහා විද්‍යාලය නම් ඉදිකර අවසන්. 




අවට ඇති ලස්සන

අවට ඇති ලස්සන

අවතැන්වන ප්‍රදේශ

නැවත ගොඩනැගීම්

නැවත ගොඩනැගීම්

බලය එක්රැස් කරන ස්ථානය

විදුලි බලය එක්රැස් කරන ස්ථානය

පිවිසුම් උමඟ

පිවිසුම් උමඟ

පිවිසුම් උමඟේ වැඩ කටයුතු

පිවිසුම් උමඟේ වැඩකටයුතු

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!