නවක වදය......

මේ නිසඳැස ලියන්නේ මේ දින වල නවකවදයට හසුවුන ශිෂ්‍යාවක්.. ඇයගේ අවසරය සහිතව මම මේක දාන්නේ ඔයාලටත් නවකවදය වෙන අතරතුර උපාධි අපේක්‍ෂකයෙකුගේ හැඟිම් තේරුම් ගන්න. ඒ වාගේම මම ඒ ශිෂ්‍යාවට ස්තූතිවන්ත වෙනවා මට මේක ලබා දුන්නාට...


විටෙක දරුණු වූද.....
විටෙක රුදුරු වූද....
සොම්නස් නවමු අත්දැකීමකට,
සැඩ වර්ෂාවට හසුවූ හා පැටවුන් මෙන් හැකිලෙන
විලාසය....
දැනේද කිසිදිනෙක එහි නියම අරුත
පහස විඳීමට එලියට බැසීමට....
දැනේ! දැනේ! නිසැකයෙන්ම ඔබට එය
හිමි වූ දෙය අහිමි වූ, එක් දිනයක!
විඳිනට තිබූ "හුස්ම පොදක ලබැඳියාව"
වෙන්වීගිය නිමේශයක
සදහටම...... සදාකාලිකවම.....
රිදවා සිහිවේවි හදේ ගැඹුරුම තැනට
එය සියුම් සුළං රැල්ලක් බව....
සිහිල් පිනි දහරින් ඔබ නහවා, සතපා ගිය බව
ජීවනාලියේ අත්විඳි මිහිරිතම....
යොවුන් ආශ්වාදයේ පෙලගැස්මක්
නවක වදය!!!
වියළී ගිය ජීවිතයට ජීවය ලබාදුන්
සදා අමරණීය සොඳුරුතම හැඟීම වග....
නැවත නොඒමට තනිකර දමා ගොස්
තිබෙන විලාසය....
නෙත් කොනෙහි කඳුලක් නවතා
තිබීමත් සමඟම......!!!

4 comments:

  1. මල්ලී ඔය නිසැදැස ලියලා දීපු කෙනාගෙන්ම බකට් එකට පස්සේ නවක වදය ගැන තියෙන්නේ මේ වගේම හැගිමක්ද කියලා මතක් කරලා අහලා බලන්න

    ReplyDelete
  2. අනිවා අනිවා මම feedback එකක් බලාපොරොත්තු වෙනවා හැමෝගෙන්ම.

    ReplyDelete
  3. බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව.
    Posted on 2012 ජනවාරි 15 by Shan


    දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි

    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි

    දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි

    දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.

    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

    ආමේන්

    ReplyDelete
  4. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

    read more link

    http://andarademala.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!