හපොයි තවත් අවුරුද්දක්.....!

තවත් අවුරුද්දක් තව පුංචි වෙලාවකින් අවසන් වෙනවා. මේ අවුරුද්ද ගෙවෙද්දී ගොඩක් දෙනා සාදයක් දාන්න තමයි බලන්නේ. මමත් එහෙමමයි. ඒත් මේ පාර නම් ඉගෙනීම නිසා ඒක කරන්න බැරිවුනා. කොහොම වුනත් කොයි දේ කලත් පරිස්සමින් යාළුවනේ.....

අවුරුද්දක් ගෙවෙද්දී සතුටු වෙනවට වඩා දුක්වෙන්න තමයි වෙන්නේ. ඒ තව තවත් අපි වයසට යන නිසා. ඒත් ඒ කාලෙට වඩා ගොඩක් ඉක්මනින් මේ අවුරුද්ද ඉවර වුනා කියල තමයි ගොඩක් දෙනා කියන්නේ. මමත් ඒ දේ හිතනවා වගේම ඒ දේ වෙන්න ඇත්තේ මොකද කියලනම් දන්නේ නෑ. ඒ වුනාට මටත් 2012 ජනවාරි පලවෙනිදා අද ඊයේ ගෙවුනා වගෙයි.

අද බලන්න ඕන. මම ගිය අවුරුද්දේ මොනාද කලේ කියල. හම්බවුන යාළුවෝ. ජයගත්ත කඩයිම් ගැන හිතනවා වගේම වැරදිච්චි දේවලුත් නැතුවාම නොවෙයි. දැන්වත් ඒ වැරදුන තැන් හදන්න පුළුවන් වුනා නම්..... කොහෙද ඒක කරන්න බැහැනේ. :'( අළුත් අවුරුද්දේවත් වැරදි අඩු අවුරුද්දක් ගත කරන්න බලමු. ඒත් ඉතින් මම ආයෙ කොහේ වෙනස් වෙන්නද? :P

කොහොමින් කොහොම වුනත් මෙන්න මේ අවුරුද්දේ අවසන් පොස්ටුව. මගේ අත්දැකීම් එක්ක එකතුවෙලා හිටි හැමෝටම සුභම සුභ කරදර අඩු අළුත් අවුරුද්දක් ගත කරන්න ලැබෙන්න කියල සුභ පතනවා. මේ අවුරුද්දේ සාර්ථක වුන ගමන් බිමන් වගේම අවසන් කරන්න බැරිවුන ගමන් බිමන් යන්නයි. ඉගෙනීමේ කටයුතු ටික ඉවර කරන්නයි තමයි මම හිතන් ඉන්නේ. 

මනුස්සකම රජයන දීපයක් හදන්න මනුස්සකම පිරි සිතිවිලි පහල වෙන්නාවූ සුභ අළුත් අවුරුද්දක් එක්ක ආයුබෝවන්.....!

18 වංගුවේ වේගයෙන්......

මහියංගනය නුවර මාර්ගයේ යන කාටත් 18 වංගව හරයා යන්න වෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් 19 වන ශතවර්ශයේ මැද භාගයේදී සැපයුම් මාර්ගයක් විදිහට නිර්මාණය කල මාර්ගයක්. නමුත් දැන් ඒක ප්‍රතිසංස්කරණය කරල මංතීරු දෙකක් සහිත මාර්ගයක් විදිහට සකස් කරල. ඒ කාලේ යද්දී තිබුණ තත්ත්වය එක්ක දැන් නම් ඒක සුඛෝපභෝගී මාර්ගයක් විදිහට තමා මම නම් දකින්නේ.
ඉස්සර පැය 4ක් විතර ගතකරපු කාලය වෙනුවට දැන් පැය 1 ½ ක් විතර තමා ගත කරන්න ඕන, මුළු ගමන විදිහට මේ දහ අට වංගුව පහු කරන්න. සංවර්ධන කටයුතු එක්ක මේ කියන් වංගු 18න් දැන් තියෙන්නේ 17ක් විතරයි. ඒත් පැරණි නම පවතින්න ඒකට වෙනම තිබුණ වංගුවකුත් එකතු කරල වංගු 18 සම්පූර්ණ කරල.
දහඅට වංගුව ප්‍රතිසංස්කරණයෙන් පස්සේ කීප සැරයක් මම ඒකේ ගියා. ත්‍රාස්‍යජනක හා ප්‍රීතිමත්ම ගමන ගියේ මගේ මෝටර් සයිකලයෙන්. HeroHonda Glamour-FI එකකින් වංගු 18 තරණයට විනාඩි 10ක් විතර ගියා. ඒ වගේම බහින්න විනාඩි 9ක් විතර ගියා. මෙන්න ගමනේදී ගත්තු වීඩියෝ දෙකක් එකක් මුදුනට අනික පහලට. පීන්තූර වලට මෙන්න ලින්කුව




මගේ ගමන් බිමන් විසිපස්වන කොටස - බුදුරුවාගල

වැල්ලවාය තණමල්විල අතර 48වන සැතැපුම් කණුව ලඟින් හැරිල කිලෝමීටර 4ක් විතර යද්දී මේ කියන පුරාවිද්‍යා ස්ථානය දකින්න පුළුවන්. කාලයක් තිස්සේම මේ ප්‍රෙද්ශය වනගතව සැඟවී තිබුණත් දැන් නම් ටිකක් විතර එලිපෙහෙලි වෙලා. දැනට ලංකාවේ තියෙන පිහිටි ගලෙහි කල විශාලතම පිළිමයට විදිහට සලකන්නේ මේ පිළිමය. මේ පිළිමයේ උස අඩි 46ක් විතර. තවත් ප්‍රතිමා 6ක් දකින්න තියෙන මේ ගල් පර්වතය අඩි 70ක් විතර දිගයි.
ගල් බිත්තියේ ඇති ශෛලමය බුද්ධ ප්‍රතිමාව නිසාම මෙයට බුදුරුවගල ලෙස ලැබී ඇතුවා මිස මෙතැනට පෙර භාවිත කල නාමය පිළිබඳ සාක්‍ෂ නැත. කලා නිර්මාණයන් අනුව 8-9 සියවස් වලට අයත් යැයි සැලකෙන අතර  ප්‍රතිමාවන් නෙලා ඇත්තේ අර්ධ උන්නතිය පෙන්නුම් කරමින්. ප්‍රධාන බුදුරුව දෙපස පරිවාර බොසත් ප්‍රතිමා තුන බැගින් දෙපසට විහිදේ. තවද මෙය දීපංකර බුදුන්ගේ යැයි පිලිරුවේ ස්වභාවය නිසා අනුමානයන් පවතිනවා.
ප්‍රධාන ප්‍රතිමාවෙන් දකුණේ ඇති ප්‍රතිමා වලින් මැද අවලෝතිතේශ්වර ප්‍රතිමාවකුත් (උස අඩි 25ක් පමණ) එය වම්පස ත්‍රිභංග ඉරියව්ව පෙන්නුම් කරන තාරාදේවී ප්‍රතිමාවත් (උස අඩි 21ක් පමණ) දකුණු පස සුධන කුමාර ප්‍රතිමාවත් (උස අඩි 23ක් පමණ) නිර්මාණය කර ඇත. මහායාන බුදුදහම අනුව තාරා දේවිය යනු අවලෝකිතේශ්වර බොධිසත්වයන්ගේ භාර්යාවය. එනිසා එහි ස්ත්‍රී ලාලිත්‍යය මැනෙවින් පෙන්වා ඇත.
අනෙක් ප්‍රතිමා සියල්ල සමභංග ඉරියව්වෙන් නෙලා ඇත.
ප්‍රධාන ප්‍රතිමාවෙන් වමෙහි ඇති ප්‍රතිමා වලින් මධ්‍ය ප්‍රතිමාව මතු බුදුවන්නා වූ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව ලෙසත් (උස අඩි 25 ½ ක් පමණ) එයට වම්පසින් වජ්රපානී ප්‍රතිමාවත් (උස අඩි 22.4ක් පමණ) දකුණු පස මංජු ශ්‍රී බොධිසත්ව ප්‍රතිමාවත් දක්නට ලැබේ. වජ්රපාණී බොධිසත්වයන් ගෙන් ධර්මයේ හඬ හා ආරක්‍ෂාව සංකේතවත් කරනවා. මංජු ශ්‍රී බොධිසත්වයන්ගෙන් මහා ප්‍රඥාව සංකේතවත් කෙරෙනවා. ගලෙහි තිබූ ශක්තිමත් බව නිසාම මෙය අර්ධ උන්නතියෙන් කලා විය යුතුය. එයට සාක්‍ෂ ලෙස පිලිමයේ මුව හතරැස් වීම හා සිවුරේ රැලි නිවැරදිව ගත නොහැකි වීම නිසා හුණුවලින් සකසා තිබූ බවට ඇති සලකුණු පෙන්වා දිය හැකිය.
වන ගහනයක් මැද නිර්මිත මේ පිලිම වහන්සේලා දකිද්දී අප සිත් නිවෙන බැව් නම් සැබෑය. අවට ඇති පරිසරයත් අපට විශාල ඉතිහාසයක් ගැන පැවසීමට තැත් කලත් කාලය හරස්වීම නිසාවෙන්ම අපට ඒ දේවල් නිවැරදි ලෙස හඳුනා ගැනීමට නොහැකිව තිබේ. කෙසේ වෙතත් තවමත් මේ පිළිම වහන්සේලා වන මැද විරාජමානව වැඩ ඉන්නවා.

ගමන් බිමන් වල විසි හතර වැනි කොටසට....

මනසින් සම්බන්ධ වෙන ටෙලිපති...!

මොකක්ද මේ ටෙලිපති කියන්නේ? මේ දේගැන ගොඩක් දෙනා විවිධ මත පළ කිරීම් කරනවා. ඒ නිසා මේ ගැන ටිකක් කතා කරන්න හිතුවා. ටෙලිපති, සරලව කියනවා නම් දෙදෙනෙක් අතරේ මනසින් සම්බන්ධ වීම. ඒ කියන්නේ පුද්ගලයන් දෙදෙනෙකුට සිතිවිලි හරහා සංනිවේදනය කරන්න පුළුවන්. ඒ දේ කරන්න සාධක දෙකක් එකවර සම්පූර්ණ වෙන්න ඕන. එකක් තමයි යොමු කිරීම අනික ලබා ගැනීම. මේ දෙකම කරදිදී දෙදෙනාගේම සිතිවිලි ධාරා සම්බන්ධ වෙන්න ඕන.
මෙහිදී අපේ භෞතික ශරීරය බාධකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ නිසා තමා සාමාන්‍යයෙන් අපිට ටෙලිපති ක්‍රම මගින් සංනිවේදනය කරන්න බැරි වෙන්න හේතුව. ඒත් යම් අයෙක් වෙනුවෙන් අපේ සිතිවිලි වල ඇති දැඩි දේ බැඳුනු ස්වභාවය මත අපිට ඒ කෙනා එක්ක සංනිවේදනය කරන්න හැකියාව ලැබෙනවා. නමුත් මේ ලැබෙන සිතිවිලි ලැබෙන්නේ හැඟීම්, ආශාවන් හො සිතිවිල්ලක් විදිහට ඒ දේ තේරුම් ගන්න එක අපි කරන්න ඕන.

සාමාන්‍යයෙන් නිවුන් දරුවන් තුල මේ කියන ටෙලිපති ක්‍රමය යම්තාක් දුරට දකින්න පුළුවන්. ඒකට හේතුව විදිහට දකින්න පුළුවන් දේ තමා ඒ අය ආත්මීයව බැඳී සිටීම. මව් කුස තුල හිඳිමින් දැනෙන්නා වූ එකම සිතිවිලි ධාරාවන්ට යටත් වන විට මේ දේ සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. ඒ ඇතිවන බැඳීම නිසාවෙන් යම් ප්‍රමාණයක සංනිවේදනයක් ඔවුන් තුල පවතිනවා. නමුත් වර්ධනයේදී ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන් ඒකට හේතුව වෙන්නේ ඔවුන් ජීවත් වන්නා වූ වෙනස් පරිසරයන් හා මිතුරු මිතුරියන් පිරිස. නමුත් ඔවුන් ජීවත් වන්නේ එකටම නම් ඔවුන්ට ඒ දේවල් වර්ධනය කරගන්න පුළුවන්.

තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ සංනිවේදනය ක්‍රමය ශබ්දයට වඩා දස දහස් ගුණයකින් වේගවත් ක්‍රමයක්. අපි ඒ දේ පුහුණු කිරීමක් කලොත් අනෙක් සෑම සංනිවේදන ක්‍රමවේදයකටම වඩා ඒ සංනිවේදනය වේගවත් හා නිරවද්‍ය  වෙනවා. ඒකට හේතුව එය නිවැරදි පුද්ගලයාටම ලැබෙන විදිහේ ක්‍රමයක් නිසාවෙන්. ඒ වගේම තමයි මේක අපේ ලංකාවේ ගොඩාක් අතීතයේ භාවිත වෙච්ච දෙයක්. ඒ දේ ගැන ඉතිහාසය ගවේශණය කරද්දී දැනගන්න පුළුවන්. අනික බෞද්ධයන් දන්නවා ඒ දේ කරන්න පුළුවන් බව ඒ සඳහා සාක්‍ෂි බුදු දහම තුලම තියෙනවා. සෘද්ධි ප්‍රාතිහාර්ය කියන දේ තුල මේ ටෙලිපති ක්‍රමය තියෙනවා. නමුත් එහිදී නුපුහුණු මනසක් තුල වුනත් යම් පණිවිඩයක් ලබා දීමට කටයුතු කරන තරමටටම ශක්තිමත් ක්‍රමයක් භාවිත වෙනවා.
කොහොම වුනත් මේ ක්‍ෂේත්‍රය විශාල ප්‍රමාණයක් විහිදුණු ක්‍ෂේත්‍රයක්. එනි සා මේ වගේ කුඩා ලිපියකින් පැහැදිලි කිරීමක් කරන්න නම් බැහැ. මූලිකව තියෙන දේ නම් ඕක. නමුත් මමත් හිතනව කුඩා ප්‍රමාණයේ අත්හදා බැලීම් කීබයක් කරන්න. මේ පිළිබඳ දැනට අදහස් හෝ අත්දැකීම් තියෙන අය ඉන්නවා නම් දාන්න අදහස කොමෙන්ටුවක් විදිහට. ඒක මටත් ලොකු උදව්වක් වේවි මේ දේවල් ගැන තව දුරටත් හොයා බලන්න. ස්තූතියි...!

මිනිසුන්ද කියා සිතුනි......!

මේ දේ සිද්ධවුනේ ලංකාවම කතා කරපු 2012-12-12 දවසේ. ඒ අපේම මිනිසුන් විසින්ම කල දෙයක්. ඔයාල කතාවට කලින් බලල ඉන්න මේ පින්තූරය. මොනවාද ඔයාල දකින්නේ?
මේ හරකා ගැන මට දැනගන්න ලැබුණාම මමත් ගියා ඒක බලන්න. ඒවෙලේ දැක්ක දේ තමයි මේ තියෙන්නේ. බෙල්ල සහ ඉදිරි කකුලක් යා කරමින් අඩියක පමණ නයිලෝන් කඹයකින් බැඳල දාල. දැන් ඉතින් හිතින් බණින්න එපා එහෙම තියෙද්දී මොකද යකෝ පින්තූර ගන්නේ. ගිහින් ඒක ලිහන්න ඕන නේද කියල. මේ පින්තූරය ගන්න හේතුවත් අපේ චේතනාව හරකා නිදහස් කිරීම නිසාමයි. මොකද මේ හරකාගේ අයිතිකරු මේ විදිහට බැඳල දාන්න හේතුව අපි නොදැන සිටීම. ඇවිත් ප්‍රශ්ණ කිරීමක් කරොත් අපිට හේතුවක් තියෙනවා ඉදිරිපත් කරන්න.

මේ විදිහට මේ සතා සතියක් තිස්සේ හඳල කියල තමයි අහන්න ලැබුණේ. ඒත් අධික ලෙස වැඩ තිබුණු නිසාවෙන් ඒ ගැන අහන්නවත් ඉඩක් තිබුණේ නැහැ. අපි දකිද්දී සත්වයාගේ ඉදිරි කකුල සෑහෙන ප්‍රමාණයක් කඹයට කැපිල ගිහින්. මේ සතා ගැට ගැහුව විදිහට ඒකාට වතුර ටිකක් බොන්නවත් කෑම කන්නවත් බැරි තත්ත්වයක් තමා තිබුණේ. ඒ විතරක් නොවෙයි දැන් කාක්කන් වටවෙලා තුවාලය හාරගෙන කන්නත් පටන් අරන්. මේ තරම් වේදනාව දැනෙද්දිත් කිසිවක් කරගත නොහැකි අසරණ තත්ත්වයේ සිටින සතා දැක්කාම අපිට ඇතිවුණේ බලවත් කණගාටුවක්. 

මෙහෙම කලේ ඇයිද? කවුද කියල තවමත් අපි දන්නේ නැහැ. කලින් දවසේ රෑත් ඒකා නිදහස් කරන්න අසල්වාසීන් උත්සාහ කලත් සාර්ථක වෙලා නැහැ. අපි ලංවෙද්දීත් මේ සතා ටිකක් කලබලකාරී වුණා. ඒ වේදනාව නිසාම වෙන්නත් පුළුවන්. ලිහුව ගමන් කුලප්පු වෙයි කියන බය නිසාම අපි ඈතින් ඉඳන් තමා වැඩේ කරන්න හැදුවේ. නමුත් කලබල වුන සතා ඉඳපු තැනින් අයින් වුනේ අපිට තර්ජනාත්මක බැල්මක් දමමින්. මොනවා වුනත් ආපහු දවල් වෙද්දී එතැනට එයි කියන බලාපොරොත්තුවෙන් අපි අපේ රාජකාරි වලට පිටත් වුනත් ඉන් පස්සේ ඒ සතාට වුනේ මොකක්ද කියල කිසිකෙනෙක්ට දැනගන්න ලැබුණේ නම් නැහැ.

බෞද්ධයන්ගේ රටක් යැයි කියාගන්නා අපේ රටේ මේ තරම් අකාරුණික මිනිසුන් ඇතිවුණේ කොහොමද කියන එක නම් හිතාගන්නවත් බැහැ. කොහොම වුනත් මෙවැනි තිරිසන් පිරිසක් සමඟ ජීවත් වෙන්න නම් අපි බයවෙන්න ඕන. මොකද ඊලඟට මෙහෙම දේවල් කරන්නේ අපිට වෙන්නත් පුළුවන්.

මගේ ගමන් බිමන් විසි හතර වැනි කොටස - බෝගොඩ පාලම

බෝගොඩ පාලම... ? මොකක්ද මේ? අහල තියෙනවා ඒත් දන්නේ නෑ නේද? මෙන්න විස්තරේ. බෝගොඩ පාලම තියෙන්නේ බෝහෝම ලස්සන ප්‍රදේශයක. මම යද්දී නම් පාර ටිකක් විතර දුශ්කරයි. ඒකට හේතුව පාර පටු වීම. බදුල්ල හාලි ඇල කියන ප්‍රදේශයෙන් හැරිල ඇටම්පිටිය පාරදිගේ යද්දී අපට බෝගොඩ රජමහා විහාරය දකින්න පුළුවන්. පාලම තියෙන්නේ විහාර භූමියේමයි. විහාර බෝ මළුවේ ඉඳල පඩි 100ක් විතර පහලට බැස්සාම මේ පාලම සහ ලෙන් විහාරය දකින්න පුළුවන්.

මේ පාලම ලෝකයටම විශේශිත පාලමක් වන අතර වහලක් ඇති එකම පාලම ලෙස වැදගත්ම විශේෂ ලක්‍ෂණය දකින්න පුළුවන්.ලෙන් විහාරය දකින්නත් කලින් අපට මේ පාලමේ වහල දකින්න ලැබෙනවා. ඇතමෙක් මෙය දඹදෙණි යුගයේ (ක්‍රි.ව. 1220-1270) නිර්මාණයක් යැයිද මහනුවර යුගයේදී (ක්‍රි.ව. 1747-1780) කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් යැයිද විශ්වාසයක් පවතිනවා. අඩි පනහක් පමණ දිග අඩි සයක පළලින් යුතු මෙම පාලම ලෝකයේ ඇති ලී වලින් පමණක් කල එකම පාලමද වෙනවා.

තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ඇති අඩි අටක පමණ උසින් යුතු ලීයෙන් කල වහලයි. අගනා මහනුවර යුගයට නෑකම් කියන්නා වූ කැටයමින්ද සමන්විත පියස්ස පෙති උළු වලින් අලංකරණය කර ඇත. ඒමෙන්ම මෙහි එකඳු ඇණයක් හෝ භාවිතා නොකර සාදි ඇති අතර සියල්ල ශක්තිමත් දැව මූට්ටු වලින් සකසා ඇත. විශාල දැක කඳන් දෙකක් මත ඇති මෙය අත්වාරුවකින් ගමන් කරන්නන්ගේ ආරක්‍ෂාව සපයල තියෙනවා.

මහකුඹුර හා කෙකටිය මළුව ගම් දෙක යා කරමින් ගල්ලන්ද ඔය හරහා බැඳි පාලම තවමත් ශක්තිමත් ලෙස තියෙනවා. මෙතැන ඇති ලෙන් විහාරය ආසන්නයේ ඇති ගුහාව වලගම්බා රජ සැඟව සීටීමට භාවිත කලා යැයි ශිලා ලිපි වලින් කියවේ. මෙහි ඇති ආවාස ගෙවල් රාජසිංහ රජ විසින් කරවූ බැව්ද කියවේ.

රැග් වෙච්ච කාලේ දේවල්

අපේ විශ්ව විද්‍යාල කාලයේ නවක වදය කාලයේ සිදුවුන දේවල් වලින් සමහර දේවල් අපේ ජීවිත වලට ගොඩක්ම වටිනවා. ඒ දේවල් වලින් එකක් තමයි අපේ සිතිවිලි වලට විකාශනය වෙන්න ඉඩදෙන එක. අපි අපේ සිතිවිලි පොත්වල ලියන්න ඕන. ඒවා කවි, කතා, නාට්‍ය වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම කවි කතා ලියන එක කරන්න ඕන නිසාම මම ලිව්වා දවසක් කවියක් වගේ එකක්. :P ඒක කියවපු මගේ යාළුවෙක් ඒකට පිළිතුරු කවි ලිව්වා. කොහොම වුනත් මෙහෙමයි සංවාදේ ගියේ.

මම:
වසර ගතවෙන්න
මාස ගතවෙන්න
දවස ගතවෙන්න
හැමදාම මම ඕන
මවන්නට විනාඩිය
නොබලාම වෙහෙස
දුවනවා හැමවිටම
සිතනවද කවුද මම
මම තමයි ඔබගේ
වටිනාම තත්පරය
යාළුවා:
                තත්පරයකින් කරනට හැකිවේද යමක්
            මට විනාඩිය කල්පයකට වඩා දුරක්
            කොහොම වුනත් මා හට නැත අමන කමක්
            ගරහන්නේ නෑ තත්පර කෙලෙසකවත්

ලේ දන්දීමේ වැඩසටහනක්....

ලේ දන්දීමේ වැඩසටහනක් විදිහට මම මේ ලිපිය නම් කලේ මේ ලේදන්දීමේ වැඩසටහන මගේ ජීවිතයේ දැක්ක විශේෂිත එකක් වුන නිසාවෙන්. ඒ අපි, අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ශිෂ්‍යයන් විසින් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහන. මේ අපි සංවිධානය කල තුන්වෙනි ලේ දන්දීමේ වැඩ සටහන. මෙතැන මම දුටු විශේෂත්වය තමයි කලාතුරකින් වුනත් කතාකල යුතු විදිහිට අපේ මුස්ලිම් සහොදරයන් පවා ලේ දන් දෙන්න ඉදිරිපත්වීම. මේ දෙය මම පෞද්ගලිකව සතුටුවෙන කාරනාවක්. මොකද මේ අය ටිකක් ලේ දන්දෙන්න අකමැතියි. ඒ මොන දේ වුනත් මේ දේ ආරම්භයක්ම පමණක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. මම ටිකක් පැහැදිලි කරන්නම් ලේ දන්දීම ගැන.

මගේ ගමන් බිමන් විසි තුන්වන කොටස - හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව

හිඟුරාන කියන්නේ අම්පාර සියඹලාණ්ඩුව පාරේ අම්පාරේ ඉඳන් කිලෝමීටර 12ක් විතර දුරින් තිබෙන ප්‍රදේශයක්. හිඟුරාණ වටරවුමෙන් හැරිල මීටර 350ක් විතර ගියාම අපිට දක්නින පුළුවන් හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව. මේ කර්මාන්තශාලාව කාලයක් වහල දාලයි තිබුනේ. නමුත් දැන් ආයෙත් මේ යන්ත්‍ර වැඩ කරන්න අරගෙන. ගල්ඔය වගාව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ කර්මාන්ත ශාලාව පුද්ගලික කර්මාන්ත ශාලාවක් විදිහට නැවත වැඩ ආරම්භ වෙලා තියෙන්නේ. මගේ යාළුවෙක්ගේ තාත්තා මේකේ වැඩ කරන නිසාවෙන් මට පොඩි අවස්ථාවක් හමුබවුනා මේක බලන්න. ඒත් මම යන මේ දවස්වල මේකේ යන්ත්‍ර නම් වැඩ නැහැ. කොහොම වුනත් කෙරෙන ක්‍රියාවලිය නම් අහගන්න ලැබුණා. මේ තියෙන්නේ ඒ ගැන විස්තර මට තේරුණ, මතකයේ රැඳුණු විදිහට. පින්තූර වෙන තැනක දාල අමුණන්නේ මේක පූරණය වෙන්න යන වෙලාව වැඩි හින්දා. මලා :o කිව් එක තේරුණේ නැහැ නේද? පින්තූර වෙන තැනක දාල ලින්ක් කොරන්නේ ලෝඩ් වෙන්න යන වෙලාව වැඩි හින්දා. හහ් දැන් තෙරුණා නේද? ;)
මුලින්ම මෙන්න මේ තියෙන්නේ ටොන් 10ක් විතර උස්සන්න පුළුවන් ක්‍රේන් එකක්. ඒකෙන් තමා උක් ගස් ටික උස්සල මේ තියෙන තට්ටුව උඩඩ දාන්නේ. මේකෙ තියෙන දම්වැල් වලින් ඇතගෙන ඇවිත් ඒ ටික පිළිවෙලකට මේ පේන කාණුව වගේ තැනට දානවා. සාමාන්‍යයෙන් එක වාරෙකට එක ක්‍රේන් එකකින් දාන ප්‍රමාණය ටොන් 3ක් විතර. ඒ වගේ ක්‍රේන් දෙකක් තියෙනවා. මේ කාණුව වගේ පේන තැන තියෙන දැති සහිත වීල් එකෙන් ඒ ටික පිළිවෙලන් වෙනවා වාගේම තරමක් දුරට කෑලි වලට කැපෙනවා. ඊට පස්සේ තියෙන මෙන්න මේ වීල් එකෙන් ඒක අඟලක් වගේ විතර කෑලි වලට කැපීම සිද්ධ වෙනවා. එතැන සියල්ල සිදුවන්නේ ගමන් කරන තට්ටුවක් මතින් යන අතරතුරයි. එතැනින් පස්සේ ඒ ටික කර්මාන්ත ශාලාව ඇතුලට යනවා.

ආදරය කරදිදී මේ ගැනත් හිතන්න.....!

ගෑණු ලමයෙකුගේ ජීවිතය කියන්නේ බොහෝම පුංචි ලෝකයක්. ඒක එයාගේ අම්මා, තාත්තාගෙන් පටන් අරන් ස්වාමියාගෙන් වෙනස් කරල දරුවන්ගෙන් අවසාන වෙනවා. මොනාද මේ මම අද කියන්නේ. ඔයාල හිතන්නේ ඒක නේද? කියන්නම්. ඒත් මේක කියන්න හේතු වුන දේත් කියල. මේක මගේ යළුවන්ගෙන් මම දැක්ක දෙයක්. ගොඩක් අය මේ වෙද්දී තමන්ගේ ජීවිත සහකාරිය ආදරය කරල තමයි හොයා ගන්නේ. ඒත් අපේ සංස්කෘතියේ ඉස්සර නම් ඒ දේ එහෙම නෙවෙයි වුනේ. ඒකයි මම එහෙම කිව්වේ. කලින් නම් යෝජනා කරල පොරොන්දම් බලල තමයි ඒ දේවල් සිද්ධ කලේ. නමුත් දැන් ඒ දේවල් වෙනස්.

මගේ ගමන් බිමන් විසි දෙවන කොටස - රත්නපුර, යාපහුවෙන් මාතලේට....!

මගේ ගමන පටන් ගත්තේ අම්පාරෙන්. එතනින් තණමල්විල හරහා රත්නපුර එන්නයි පිටත්වුනේ. එන අතරතුර උඩවලව වැවේ වැව් බැම්ම මතින් එන විට ලස්සන දර්ශණයක් දකින්න හමුබවුනා. එතැනින් අපි ගියේ රත්නපුර සංඛපාල පන්සල බලන්න. එතැන ඉතා අනුහස් ඇති තැනක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එතැනට වාර්ශිකව විශාල සෙනඟක් එකතුවෙන තැනක්. එතැනින් අපි ගියා තවත් පන්සලකට. ඒ කොස්වැටිය ලෙසින් ප්‍රසිද්ධ පන්සල. එතැන තාමත් පිලිසකර කරමින් පවතින තැනක්. විශාල හිටි පිළිම වහන්සේ නමක්, සැතපෙන පිළිම වහන්සේ නමක් හා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම ඉදිකිරීමට යෝජිතයි. දැනට හිටි පිළිමය නිර්මාණය අවසන් කර ඇති අතර අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා නිර්මාණය කරමින් පවතිනවා. කඳු මුදුනක පිහිටි මෙම පන්සල ඉතා මනරම් ස්ථානයක්. එතැනින් රත්නපුරයට ගිහින් තවත් දෙදෙනෙක් ගමනට සම්බන්ධ කරගෙන කෙලින්ම  දඹුල්ලට යන්නයි අපි බලාපොරොත්තු වුනේ. නමුත් ඇඳිරි වැටෙන්නට පටන් ගත් නිසාවෙන් පොල්ගහවෙල නවතින්න සිදුවුනා. ඊලඟ දිනයේ උදෙන්ම පිටත් වෙන්නයි අපේ බලාපොරොත්තු තිබුණේ.
දෙවැනි දවස අළුයමින්ම අපි පිටත් වුනේ කුරුණෑගල පිහිටි ඇතුගල් විහාරය වඳින්න. මෙතැන තමයි ලංකාවේ දැනට ලංකාවේ ඇති විශාලතම සමාධි ඉරියව්වෙන් වැඩ හිඳින පිළිම වහන්සේ තිබෙන්නේ. එතැනට මුළු කුරුණෑගල එහෙමත් නැතිනම් ඇතුගල් පුරවරයම පෙනෙනවා. තවමත් මේ පිළිම වහන්සේ ඇතුගල ජනතාවගේ වැඳුම් පිදුම් ලබමින් ඇතුගල්පුරවරය දෙස නෙත් යොමා බලා සිටින හැටි නගරයේ ඉඳන් වුනත් බලන්න පුළුවන්.

නුඹ ගැනම සිතමින්ම......!

කවි කරුවෙකු නම් නොවෙයි
කියන්නට කවි නුඹට...
එහෙත් ගෙතුවා පදවැලක්....
නුඹේ තතු කියන්නට....
මතකයිද ඒ දවස
හමුවුනා අප දෙදෙන
වදන් නොමැතිව වුවද
දොඩමළු වුනා අප
කෙලෙස අමතක වෙයිද
ලංව සිටි ඒ දවස
මා දෙතොල නුඹෙ දෙතොල
ලං වෙන්න වෙර දරපු

දමිල උත්සව - නවරාත්‍රී පූජා උත්සවය

මේ උත්සවය එනමින් හැඳින්වෙන්නේ රාත්‍රී නවයක් පුරා පවතින උත්සවයක් නිසාවෙන්. එය ප්‍රධාන වශයෙන් දුර්ගා මාතාව හෙවත් කාලි මෑණියන් වෙනුවෙන් දින තුනක්ද ලක්‍ෂමී දෙවියන් වෙනුවෙන් දින තුනක්ද සරස්වතී දෙවියන් වෙනුවෙන් දින තුනක්ද පැවැත්වෙනවා. හින්දු මාස ක්‍රමය අනුව අශ්වින් (ඔක්තෝම්බර් - සැප්තැම්බර්) කාලයේ තමා මේක පැවැත්වෙන්නේ. මේ කාලයන් තීරණය වෙලා තියෙන්නේ සඳු අනුව වන අතර ඒ පිළිබඳ දින වකවානු තිරුක්කානිත පංජාංගම් හා වාක්කිත පංජාංගම් නැමැති පොත්වල සඳහන් කරල කියෙන බවයි කියන්නේ.
මෙහි මුල් දින තුන කාලි මෑණියන් වෙනුවෙන් පූජා පවත්වමින් බලය වෙනුවෙන් අයැදීම සිදුවෙනවා. තමා අවුරුද්දේ කරනුනට යොදාගෙන ඇති කාර්යයන් සිහි කරමින් ඒ ඒ දේ සඳහා ශක්තිය හා ධෛර්යය ලබා දෙන මෙන් දෙවියන්ට කන්නලව් කිරීම සිදුකරනවා.

ලංකා ඉතිහාසය පටන් ගන්නේ කොතැනින්ද?

මේ මාතෘකාව තමයි අද ලංකාවේ විවිධ තැන්වලින් විවිධ මත පලකරන මාතෘකාව වෙලා තියෙන්නේ. මෙතැන ප්‍රධන වශයෙන් මත දෙකක් පවතිනවා. එකක් අපේ ඉතිහාසය ගැන කියවෙන මහාවංශය, ථූපවංශය වගේ කෘති වල සඳහන් වෙන විජය කුවේණි කතා වස්තූන් මුල්කරගත් ඉතිහාසය. අනෙක තමයි රමායණය සමඟ බැඳුනු ශ්‍රී රාවණ පුවත. (මම රාමායණය ගැන සඳහන් කලේ අපි කවුරුත් එය ගැන දන්න නිසාවෙන්. නමුත් රාමායණය සත්‍ය කතාව වසන් කල පුවතක් විතරයි.) තවත් ගැටළුවක් තමයි දැන් මේ රාවණ පුවත කියන්නේ මුදල් උපයන මාර්ගයක්. ඉතිහාසය සොයන්නන් එය පිළිබඳ ලැබෙන දෙයින් අල්පයක් සොයන්න කාලය වැය කරල ඉතිරිය පුරෝකථන මගින් සකසනවා. ඉන් පස්සේ ඒක විකුණන් කනවා. දැන් රාවණ පුවත කියන්නේ ප්‍රසිද්ධියේ අලෙවිවෙන වෙලඳ භාණ්ඩයක් පමණයි. ඒ නිසා මේ පිළිබඳ ජනතාවගේ ඇති උනන්දුවත්, ඉතිහාස ගවේශණයට ඇල්මක් තීබූවන්ට එය සිදු නොකර ගොදුර දුටු හයිනාවන් මෙන් වෙලෙන්දන් පෙන්වන දේවල් වලම නැවතී සීටීමටත් සිදුවෙලා තියෙනවා.