මගේ ගමන් බිමන් නමවන කොටස - රිච්මන්ඩ් කාසල්

මෙන්න බලන්න යන්න වටින තවත් තැනක්. මේක තියෙන්නේ කළුතර, පලාතොට යන ප්‍රදේශයේ. ඒ තමා රිච්මන්ඩ් කාසල්ස් හෙවත් රිච්මන්ඩ් බලකොටුව නමින් හැඳින්වෙන මන්දිරය. මේක වසර සියයක පමණ අතීතයකට උරුමකම් කියන අතර දනට ඉතිරිව ඇති විශාල මන්දිර වලින් එකක් ලෙසයි සැලකෙන්නේ. කළු ගඟ ආසන්නයේ ඇති අක්කරක පමණ භූමි භාගයක් ඇති මෙය දැන් අනාථ දරුවන් සඳහා වෙන්වී තිබෙනවා. එය පාලනය කිරීම සිද්ධ වෙන්නේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේයි.

මෙය අයිතිව පැවත ඇත්තේ නානායක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පණ්ඩික්කාර මුදලිතුමා වෙතයි. මේ මැදුර අභ්‍යන්තරය නිර්මාණය කර ඇත්තේ බටහිර රටක ආකාරයටයි. ආරක්‍ෂක කුටි, සේවක කාමර, නාට්‍යශාලාවක් ඇතුළුව සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය සියළු දෙයින් අංග සම්පූර්ණව සකසා ඇත්තේ එකල සිටි ඉන්දියානු මහා රාජාවරයෙකුගේ නිවසේ ආකාරයටයි. එකල මෙම නිර්මාණය සඳහා මහාරාජාගෙන් සැලසුම් ඉල්ලා සිටියදී ඔහු කියා ඇත්තේ හැකිනම් නිවස බලා සාදා ගන්නා ලෙසයි. එවිට මුදලිතුමා ලංකාවේ දක්‍ෂ වඩු ශිල්පියෙක් හා ගෘහ නිර්මාණ ශිල්පියෙක් රැගෙන ඉන්දියාවට ගොස් මන්දිරය බලා එම ආකාරයට මන්දිරය සාදා විවෘත කිරීමට මහරාජා වරයාට ආරාධනා කොට තිබෙනවා. එම උත්සවයට පැමිණි ඔහු පුදුමව ඇත්තේ තමන් සැලසුම් නොදී පවා ඒ විදිහටම මන්දිරය ගොඩ නගාඇති ආකාරය දුටු විටයි. මන්දිරයේ නාට්‍යශාලාව සකසා ඇත්තේ ස්වභාවිකව වායුසමනය වන ආකාරයටයි. පොලවේ ඇති සිදුරු කළු ගඟ ඇති ප්‍රදේශය දක්වා උමං ලෙස යවා තිබී ඇති අතර ඒවායින් ස්වභාවිකවම ශාලාව වායුසමනය වෙමින් පැවතිව ඇත. නාට්‍ය නැරඹීමට සාදා ඇති නැරඹුම් ස්ථානයට යාමට සාදා ඇති පඩි පෙල සකසා ඇතිතේ සීගිරියේ ඇති ආකාරයට තනි කණුවක වටේට පඩි පිහිටන ආකාරයටයි.

නාට්‍ය ශාලාවේ ඇති කැටයම් බුරුමයෙන් ගෙන්වන ලද තේක්ක කොට වල ඇම්බැක්කේ දේවාලයේ ඇති කැටයම් සාම්ප්‍රදායටම නිමවා ඇත. ජනේල වීදුරු සඳහා ඉතාලි හා ස්කොට්ලන්තයෙන් ගෙන්වන ලද වීදුරු යොදා ඇත. මේ වීදුරු වල විශේෂත්වය නම් එවායේ ඇතුලට ආලෝකය එන අතර ඇතුලත සුදු පැහැ වන අතර පිටින් බැලූ විට ඇතුලත නොපෙනෙන කොළ පැහැයෙන් දිස්වීමයි. නුවර යුගයේ කැටයම් වලින් අලංකෘතව බුරුම තේක්කයෙන් කරවන ලද තරප්පු පෙල අති විශිෂ්ඨ ලෙස දිස්වෙන්නේ ලාංකිකයන්ගේ පෞඩ සාම්ප්‍රදාය පෙන්වමින්. 99ක් දොර උලුවහු වලින්ද ජනේල 38කින්ද සමන්විත මේ මැදුර මැද මිදුලකින්ද සමන්විතයි. මැද මිදුල මධ්‍යයේ ඇති වතුර මල හා වටේ ඇති බිත්ති වල ඇති සිංහ ප්‍රතිමා වලින් ද විදුනු ජලය කානු පද්ධතියක් මගින් නැවත පහල ඇති ටැංකියකට එකතු විමට සලසා ඇත.

ඔහු ගම් 12ක් භාරව සිට ඇති අතර 40 දෙනෙකුගෙන් සැකසුන ඔහුගේම කුලී හේවා ආරක්‍ෂකයන් පිරිසක් සිටි බැවයි කියවෙන්නේ. විවාහ වී ඇත්තේ නුවර ප්‍රදේශයෙන් වන අතර එහි සිට මනමාලිය කළුතර පිහිටි මන්දිරයට කැඳවාගෙන පැමිණ ඇත්තේ විශේෂ දුම්රියකිනි. එහි සිට මන්දිරයට එන තෙක් තොරණ් 7ක් සදා තිබූ බැව් කියවෙනවා. සාදා ඇති කේක් එක අඩි 18 උස බැව්ද සඳහන්. මන්දිරය 1980 වන විට ගරා වැටී ඇති අතර 2011 වන විට එය සාර්ථකව පිලිසකර කොට ඇත. ලංකාවේ සිටි සුදු අශ්වයින් සතරක් බැඳි අශ්ව කරත්තයක් හිමිව ඇති දෙවැන්නා ලෙස මෙහු සලකෙන අතර බ්‍රිතාන්‍ය ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් රුපියල් 2500ක් තෑගි කිරීම වෙනුවෙන් මුදලි තුමාගේ බිදිඳට මහා රාජිණිය එවූ ලියයමනක්ද දැනට මෙම මන්දිරයේ සුරක්‍ෂිකව පවතිනවා.

විවාහයේ දරුවන් නොසිටි නිසා විවාහය පිලිබඳ කලකිරී පසුකාලීනව බිරිඳ දෙමාපියන් වෙත යවා මාසිකව බිරිඳට දීමනාවක් ලැබෙන පරිදි දේපල සියල්ල රජයට පවරා ඇත්තේ අවසන් කැමැත්ත ලෙස අනාථ දරුවන්ට පිහිට වීම සඳහා දේපල බෙදන ලෙසටයි. දැනටත් මහා භාරකාර දෙපාර්තමේන්තුව මගින් අනාථ දරැවන් හා වෙනත් දරුවන් සඳහා නොමිලයේ පන්ති පැවැත්වෙනවා. මන්දිරය ඉදිරිපස ඇති මිදුල පුරා ලමයින්ගේ ප්‍රතිමා සකස්කර ඇත්තේ මන්දිරය දෙස බලා සිටින ආකාරයටයි.

මට මේක ලියද්දී අමතක වුන දේවලුත් ඇති. දන්න අය ඉන්නවා නම් ඒ දේවල් කොමෙන්ටු හැටියට දාන්න. ඔයාලත් දවසක ගිහිල්ලාම බලන්නකෝ.



ගමන් බිමන් වල අටවැනි කොටසට.....

කැරපොත්තා


  • කැරපොත්තාට විනාඩි 40ක කාලයක් හුස්ම අල්ලාගෙන සිටීමේ හැකියාව ඇත.
  • තම හිස නැතිව කැරපොත්තාට දින 4ක කාලයක් ජීවත් විය හැක.
  • න්‍යෂ්ටික යුද්ධයකදී මුළු ලොවම පොලවට සමතලා වුවද ජීවත් විය හැකි එකම සත්ත්වයා කැරපොත්තාය.
  • කැරපොත්තාට ඇත්තේ සුදු පැහැති රුධිරයයි.
  • ඕස්ට්‍රේලියාවෙන් හමුවන මැක්ක්‍රොපැනෙස්තියා රයිනෝසර්ස් නැමති ලොව විශාලතම කරපොතු වර්ගය ග්‍රෑම් 50ක පමණ බරින් යුක්තය.
  • කැරපොත්තාගේ දත් ඇත්තේ උගේ කුසේය.
  • තමන්ගේ ගමන් දිසාව තත්පරයකදී 25 වතාවක් මාරැකිරීමේ හැකියාව කැරපොත්තාට ඇත.
  • කැරපොත්තාගේ කකුලක් කැඩී වෙන් වුවහොත් තවත් කකුලක් වැඩේ.

නඩුත් හාමුදුවන්ගේ.... බඩුත් හාමුදුවන්ගේ....!




මේ දවස්වල ටිකක් පාඩම් වැඩ වල හිරවෙලා නිසා ලිපියක් ලියන්න වෙලාවක් තිබුණේම නැහැ. ඒත් මේ වෙන දේවල් ලියන්න නම් වෙන නිසා තමා ආයෙත් බ්ලොග පැත්තේ ආවේ. මේ 2012 ජනවාරි 11 වෙනිදා දවසක් මම පෞද්ගලික කාරණාවක් සඳහා කළුතර යන අතරවාරයේදී සිද්ධ වුන වැඩක්.

අපි ගියේ කාර් එකක. යද්දී අපි උදෑසන 10.00ට විතර කළුතර බෝධිය අසලදී රථවාහන පොලිස් නිලධාරීන් 10ත් 15ත් අතර කණ්ඩායමක් පසුකරමින් ආවා. ටික වේලාවකදී මේ පිරිස අප පසුකර යාමට ආසන්න වුනා. නමුත් ඔවුන් අපව ඉස්සර කලේ නම් සංඥා නොකර වැරදි පැත්තෙන්. ඒ වාගේම එතැන ඉහල නිලධාරීන් පවා සිටියදීත් මේ දේ සිද්ධ වුන එක තමා වඩාත් කණගාටුවට කාරණාව. ඒ දෙකක් අප ඉස්සර කලේ අපේ වාහනයේ ගෑවී නොගෑවී වගේ. යාන්තම් තමා අපි වාහනය බේරාගත්තේ. ඒත් ආපහු හැරිලාවත් බලන්නේ නැතිව ඔවුන් ගියේ නඩුත් හාමුදුවන්ගේ බඩුත් හාමුදුවන්ගේ කියන කියමන අපේ තොලඟට ගෙන එමින්.

මෙන්න මම දැක්ක මෝටර බයිසිකල් දෙකක අංක, wp MS 4187, wp MS 4220. අනිත්වායේ ලියාගන්න තරම් වේලාවක් මට තිබුනේ නැත්තේ අවාසනාවට.

කණිෂ්ඨයන්ගේ (ජුන්නන්ගේ) අදහස්...


විශ්ව විද්‍යාලයේ විතරක් නෙවෙයි හැම තැනම අපේ කණිෂ්ඨයෝ මොනාද කියන්නේ කියන එක දැන ගන්න එක ගොඩාක් වැදගත්. අනික තමා අපි ආශ්‍රය කරන්නේ මොනවාගේ අයද කියල හඳුන ගන්නත් ඒක වැදගත් වෙනවා. මෙන්න අපේ ජුන්නෝ කීපදෙනෙක්ගේ අදහස් ටිකක්.
මම ඇයට ආදරය කරයි.
ඇය ඔහුට ආදරය කරයි.
මම ඔහුට වෛර කරයි.

 දෙවැනි එක..!

මම අම්පාරේ,
ඔබ කොළඹ,
සවස 6-7 අතර,
අප දෙදෙනා එක් තැනක,
පින් සිදුවන්නට අපේ දුරකථන වලට

 මෙන්න තව එකක්...!

අහෝ! කරුමයකි නිව්ටන් ඔබ,
කුමට වැටුනිද ඇපල් ඔළුවට,
ඉන් සැදුනා වූ පිස්සුවට,
උපදින සෑම දරුවෙකුම
වගකියයි පෝලිමට....
අහෝ! කරුමයකි ආකිමිඩිස් ඔබ,
ඔබගේ ලැජ්ජාව නැතිවුන පලියට,
වතුර බේසමෙන් ඉතිරුන පලියට,
අදත් මඩ ගොඩේ එරී සිටිමි
බැරිව ගොඩ එන්නට,