මම හිතන විදිහට මරණයට යන්න නම්.....


මිනිසෙක් සතු ශරීරයන්,
භෞතික ශරීරය
සූක්‍ෂම ශරීරය
භාවාත්මක ශරීරය
මනෝමය ශරීරය
කාරක ශරීරය

මරණයෙන් පස්සේ මේ කියන භෞතික ශරීරය විතරයි මැරෙන්නේ. අනිත් ශරීරයන් එතකදු ජීවත් වෙනවා. මේ ජීවත් වෙන අනිත් ශරීර වලට තමා අපි භූතාත්ම කියල හඳුන්වන්නේ.

මේ කියන භෞතික ශරීරය තමා අපි මේ දකින්නේ මේ ශරීරයට මනෝමය ශරීරය සම්බන්ධ වෙන්නේ රිදී රජ්ජුව හෙවත් silver chord නමින් හැඳින්වෙන සූක්‍ෂම දෙයක් මගින්. මේ දෙය මනෝමයයයි වාගේම එයට විශාල දුරකට ඇදීමේ හැකියාවක් තියෙනවා. මේ රිදී රජ්ජුවේ වෙන්වීම සමග තමා භෞතිකව අපි දකින මරණය සිද්ධ වෙන්නේ එතැනදී අපේ මනෝමය ශරීරය සචේතනිකව භෞතික හා සුක්‍ෂම ශරීර වලින් වෙන්වෙනවා.

සූක්‍ෂම ශරීරය කියන දේ අපිට පෙනෙන්නේ ශරීරය වටා තියෙන රැස් මාලාවක් විදිහට. මේ සුක්‍ෂම ශරීරය ශක්තිය භාවනාව මගින් සිත දියුණු කරද්දී වැඩිවෙනවා. බුදුන් වහන්සේගේ හිසවටා පමණක් පෙන්වලා තියෙන මේ දේ ශරීරය වටාම තියෙනවා. මට ඔබට විතරක් නොවෙයි ශාක වලටත් එක එහෙමමයි කියල දැන් පරීක්‍ෂණ වලින් ඔප්පු කරමින් සිටිනවා.

මනෝමය ශරීරය හෙවත් මනෝකාය සහ එහි පැවැත්ම ගැන කියද්දී ඒකට තියෙනවා එහි චිත්ත ස්වභාවය, හැඟීම් ආදිය මත පදනම් වුනු වෙනමම ජීවයක්. එය අදියර සතකින් යුක්ත වෙනවා. මේවා එකම අවකාශයේ ස්වභාවය හා ධාතුව හෙවත් සෑදුනු ද්‍රව්‍ය වගේ දේවල් වලින් තමා වෙනස් වෙන්නේ. ගොඩක්දෙනා මරණයෙන් පස්සේ යන්නේ මේ කියන පස්වෙනි හෝ හයවෙනි මට්ටම් වලට. නමුත් ගොඩාක්ම කෘර, නපුරු පුද්ගලයන්ට හිමිවෙන්නේ සත්වන හෙවත් අවසන් මට්ටම. මේක ගොඩක් වෙලාවට අපි නිතර කියන නරකාදියේ මට්ටම. අපි ගොඩක් දෙනා මැරුණාම යන්නේ මේ කියන සය වෙනි මට්ටමට. ඒකට හේතු වෙන්නේ අපේ මරණය සිදුවූ විගස අපේ සූක්‍ෂම ශරීරය  තේරුම් ගන්නේ නැහැ ජීවය අවසන් කියල. එවිට අපේ යාළු මිත්‍රාදීන් පෙනෙද්දී හා ඔවුන් කරන්නා වූ දෑ දකිද්දී අත්හැර යාමට ඇතිවන්නා වූ අවසන් සිතිවිලි නිසාවෙන් ඔවුන් නිරායාසයෙන්ම සයවන මට්ටමට ගමන් කරනවා. සිත දියුණු කර මේ දේ තේරුම් ගත්තාවූ පුද්ගලයන්ට ඊට ඉහලින් ඇති මට්ටම් වලට යාමට හැකියාව තියෙනවා.

මේ සූක්‍ෂම ශරීරයට කිසිවක් කල නොහැකිය. කල හැකි එකම දෙයයි. ඒ තැන තැන පියාසරමින් නවාතැනක් සෙවීම විතරයි. මෙම මනෝමය ජීවිතය යම් කෙටි කාලයක් සඳහා මුළුමනින්ම ආකර්ශනීයයි. නැවත ඉපදීමකදී මේ සුක්‍ෂම ශරීරය, මනෝකාය හා භෞතික ශරීර සියල්ල එකම මට්ටමක වර්ධනය අවශ්‍ය වෙනවා. මේ සියල්ල සාර්ථකව තිබුනොත් තමා සාර්ථක නැවත ඉපදීමක් වෙන්නේ. ඒ වාගේම මේ ක්‍රියාවලිය නැවත නැවත සිදුවෙනවා.

මරණය, මේකෙදි මොකක්ද වෙන්නේ. මෙතැනදී වෙන්නේ රිදී රජ්ජුව කියන එක බිඳෙන එක. එතැනදී අවසාන මොහොතේ දකින දේ හා ඇහෙන දේ කියන එක තමා මනෝමය ජීවිතයේ හැසිරීම තීරණය කරන්නේ. ඒ කියන්නේ අපි මරණය සිද්ධ වෙන වේලාවේදී (රිදී රජ්ජුව බිඳෙන මොහොතේදී) අපි ඒ පුද්ගලයා පිලිබඳ පෙන්වන්නා වූ ආකල්පය මත ඔහුගේ ඊලඟ නැවතුම තීරණය වෙනවා. මරණයෙන් පසු සූක්‍ෂම ශරීරයේ ඊලඟ නැවතුම තීරණය වෙනවා. අපි අවසන් මොහොතේදී මරණය පිලිබඳ කණගාටුවක් පෙන්වීමේදී ඒ පිටව යන ශරීරය පිටවීම පිලිබඳ කුහුලක් ඇති කරගන්නවා. එවිට යන්න හිටපු තැන වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. එතැනදී තමා එය ආත්මයක් විදිහට සැරිසරන්න පටන් ගන්නේ.

මේ මාතෘකාව කතා කරල ඉවර කරන්න පුළුවන් එකක් නම් නොවෙයි. ඒත් දන්න අය අදහස් දක්වන්න පුළුවන් නම් වටිනවා මේ ගැන. මට මීට වඩා ලියන්න නම් විදිහක් නැහැ ඒකට හේතුව මම දන්න දේවල් වල ඉතිරිය ගැන මම තාම කරුණු සොයල නැහැ. ඒත් ආයෙත් පුළුවන් වෙලාවක් ආවොත් මේකේ තවත් කොටසක් විදිහට හරි දාන්න උත්සාහ කරන්නම්.කොහොම වුනත් මරණයක් සිද්ධ වුනහම හඬා වැලපෙන එකට වඩා කරන්න දේවල් නම් ගොඩක් තියෙන එක මතක තියාගන්න. තමන් කරන දේ ගැන අවබෝධයක් ඇතිව කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

3 comments:

  1. හොඳ මාතෘකාවක්, මේ ගැන තව දුරටත් හොයලා විස්තරාත්මකව දාන්න මල්ලි.

    ReplyDelete
  2. මනුස්සයෙක් උපදින කොට මේ කියන දේවලුත් උපදිනවද? එතකොට පුනුරුප්පත්ති අතර සම්බන්දය මොකක්ද...

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!