මගේ ගමන් බිමන් එකොලොස්වෙනි කොටස - පුළුකුණාව රජමහා විහාරය

මේ කියන්න යන්නේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලඟදී හොයාගත්තු පුරාවිද්‍යා ස්ථානයක් ගැන තොරතුරු.ඒ තමා පුළුකුණාව රජමහා විහාරය. මේක විහාරස්ථානයක් කිව්වට තාමත් එක් හාමුදුරුනමක් විතරයි ඉන්නේ. ලගදි තමා පුරා විද්‍යා එකෙන් අපිට බලන්න ඉඩහසර දීල තියෙන්නේ. අහ් පටන්ගත්තා නේද මැදින්. ඉන්න පොඩ්ඩක් මම මුල ඉඳන්ම කියන්න.
මුලින්ම කියන්න ඕන අපි කොහොමද මෙතැනට යන්නේ. ඒ මෙහෙමයි. අම්පාර මහඔය මාර්ගයේ පියංගල පහුවෙලා ටිකදුරක් මහඔය පැත්තට එනකොට තියෙනවා පුරාවිද්‍යා එකෙන් දාපු නාමපුවරුව. එතැන ඉඳන් කිලෝමීටර දෙකක් විතර ආවම වමට හැරෙන්න තියෙනවා. ඔන්න එකකොටම පන්සල. පන්සල කිව්වට තාම නම් මේක හදල නෑ. සමාන්‍යයෙන් අපි දකින පන්සලක් විදිහටටම. ඒත් යථාකාලයේ ඒක වෙයි. මමත් ගොඩ බැස්ස ගමන් හෙව්වේ කෝ පන්සල කියල. හරි තැනට ආව කියමුකෝ. අපි නම් කිසිම දෙයක් නොදැන තමා ගියේ. ඒ නිසා ටිකක් විතර පාර වැරදුනා. ආයෙත් යන්නයි හිතාන ඉන්නේ. බලන්න බැරිවුන තැන් බලන්න වැරදි හදාගෙන. එතකොට අළුත් පින්තූර ටිකකුත් දෙන්නම්කෝ.

දැනට මෙන්න නාමපුවරුව

අනුරාධපුර යුගයට අයත්යැයි කියන මේ විහාරයේ දැනට සොයාගෙන තියෙන විශාලතම අසනඝරය සම්බවෙලා තියෙනවා. ඒ වාගේම මේ ප්‍රදේශයම නටබුන් වලින් පිරිල. හැම තැනකම වාගේ ගල්කණු දකින්න පුළුවන්. ඒ වාගේම තමයි මේ ස්ථානය පැරණි ගල්ගුහා වලින් පිරුණු තැනක්. අපි වනාන්තරය මැදින් ගිහින් මතුවුනේ වැවක් ගාවින්. එකේ නම ගූගල් සිතියමේ වත් නැහැ. ගස් ගල් උඩින් පැනගෙන ගිය ගමන් දුෂ්කර වුනත් හිත් නම් ගොඩක් සතුටින් තිබ්බේ අළුත් දෙයක් බලන්න හම්බවුන නිසා. මොනා වුනත් තව විස්තර හොයාන මේකට දාන්නම්. තාමත් පුරාවිද්‍යා එකෙන් මේකේ විශ්ලේෂණ අවසන් කරල නැහැ.


මොනා වුනත් මේ තැන් විනාශ නොකර බලනවා නම් තමා හොඳ.


ගමන් බිමන් වල දසවන කොටසට....

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!