මගේ ගමන් බිමන් දොලොස්වන කොටස - ඔවාගිරිය රජමහා විහාරය - අම්පාර

අද මම කතාකරන්න හදන්නේ තවත් අපේ ඓතිහාසික සිද්ධස්ථානයක් වෙන ඔවාගිරිය රජමහා විහාරය ගැන. මේ විහාරස්ථානය නම් මෑත කාලීනව සෑදූ එකක් වුනත් එහි ඇති නටබුන් සහිත කොටස කිස්තු පූර්ව 2 සියවසත් 3වන සියවසත් අතරට යනව කියලයි කියන්නේ. ප්‍රදේශයේ ප්‍රමාණය විදිහට පුරා විද්‍යා අමාත්‍යාංශය පවසන්නේ අක්කර 200ක් කියලයි. ඒ කියන්නේ දුටුගැමුණු රජසමය. මේ කාලයේ ලංකාව කොටස් තුනකට බෙදී තිබුණා කියලයි කියන්නේ. ඒ රුහුණු රට, මායා රට හා පිහිටි රට විදිහට. මෙයින් මේ ප්‍රදේශය අයත් වෙලා තියෙන්නේ මයා රටට. එය පාලනය කරල තියෙන්නේ ප්‍රාදේශික රජෙක් වුන සද්ධාතිස්ස කියන රජතුමාට.

මෙතැනට යන්නේ අම්පාර ඉඟිනියාගල මාර්ගයේ කිලෝමීටර 17ක් පමණ ගියපසු නාමල්ඔය හරහා බිබිල මාර්ගයට හැරවුම් සංධිය හමුබෙනවා. එතැනින් පහලට ගියාම කෙලින්ම යන්නේ මෙම නටඹුන් සහිත ස්ථානයට. පාරෙන් අනිත් පැත්තේ ජලපෝෂක ඇලක් තියෙනවා. එතැනින් අනිත් පැත්තෙන් පෙනෙන්නේ නව රජමහා විහාරස්ථානය.


ඒ කාලයේ මායා රටින් තමා ආහාර අවශ්‍ය පහසුකම් හා වෙනත් දෑ සපයල තියෙන්නේ. ඒ කියන්නේ සොලී ආක්‍රමණ කාලයේදී. එකල මෙහි හිටපු පාලකයා විසින් විහාරයක් කරවල තියෙනවා. ඒ වාගේම තමා ඒකට අවශ්‍ය අනෙකුත් පහසුකම්ද සපයා දීල තියෙනවා. මෙතැන දැනට සොයාගෙන තියෙන්නේ ගරා වැටුණු චෛත්‍යයක් පිළිම හා තැන තැන විසිර ඇති ගල්කණු විශාල ප්‍රමාණයක් තමයි. නමුත් තවමත් කැණීම් සිදුකරමින් තමා තියෙන්නේ.

මෙතැන උන් පුරාවිද්‍යා ආයතනයේ කෙනෙකුගෙන් දැනගන්න ලැබුණු හැටියට චෛත්‍ය යේ මළුව හා පේසා වලලු හා චෛත්‍යයට අදාල කොටස් හඳුනා ගැනීම කරල අවසන්. ඒවා මතුකර ගැනීමේ ක්‍රියාවලිය තමා දැන් කෙරෙමින් යන්නේ.

මෙතැන කෙලවර වන්නේ ගඟකින්. මේ ස්ථානයේ ඇති ගොඩක් දේ අඩි දෙක තුනක පස් තට්ටුවකින් යටවී ඇති අතර ඊට හේතුව ලෙස සඳහන් වෙන්නේ මේ ප්‍රදේශය හසුවූ විවිධ ජලගැලීම් නිසා එකතු වූ පස් තට්ටුව කියායි. මොනවා උනත් මේ අපේ උරුමය හා අපේ පෞඩ අතීතය කියාපාන දේවල්. ඒවා විනාස නොකර ඒ දේවල් ආරක්‍ෂා කරමින් ඒ දේවල් බලන්න කියල තමා ඉල්ලන්න තියෙන්නේ.


තවත් ඔයාල දන්න විස්තරත් එක්ක එකතුවෙන්න. මේ පුංචි රට වටේවත් ඇවිදලා බලන්න. අපි හීන මවන්නේ ලෝකෙ වටේ යන්න ඒත් තාම මේ පුංචි රටේ කරක්ගහල නෑ. යනගමන් කොමෙන්ටුවකුත් දාලම යන්න.

ගමන් බිමන් වල එකොලොස්වන කොටසට....

2 comments:

  1. නියමයි මචෝ දිගටම කරගෙන යන්න. ජයෙන් ජයම වේවා.....

    ReplyDelete
  2. great blogging out there,wish you luck

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!