රැග් වෙච්ච කාලේ දේවල්

අපේ විශ්ව විද්‍යාල කාලයේ නවක වදය කාලයේ සිදුවුන දේවල් වලින් සමහර දේවල් අපේ ජීවිත වලට ගොඩක්ම වටිනවා. ඒ දේවල් වලින් එකක් තමයි අපේ සිතිවිලි වලට විකාශනය වෙන්න ඉඩදෙන එක. අපි අපේ සිතිවිලි පොත්වල ලියන්න ඕන. ඒවා කවි, කතා, නාට්‍ය වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම කවි කතා ලියන එක කරන්න ඕන නිසාම මම ලිව්වා දවසක් කවියක් වගේ එකක්. :P ඒක කියවපු මගේ යාළුවෙක් ඒකට පිළිතුරු කවි ලිව්වා. කොහොම වුනත් මෙහෙමයි සංවාදේ ගියේ.

මම:
වසර ගතවෙන්න
මාස ගතවෙන්න
දවස ගතවෙන්න
හැමදාම මම ඕන
මවන්නට විනාඩිය
නොබලාම වෙහෙස
දුවනවා හැමවිටම
සිතනවද කවුද මම
මම තමයි ඔබගේ
වටිනාම තත්පරය
යාළුවා:
                තත්පරයකින් කරනට හැකිවේද යමක්
            මට විනාඩිය කල්පයකට වඩා දුරක්
            කොහොම වුනත් මා හට නැත අමන කමක්
            ගරහන්නේ නෑ තත්පර කෙලෙසකවත්

මම:
            තත්පරයක් වටිනව වැඩ කරන මට
            නිකන් ඉන්න ඔබ දන්නේ නැහැ ඒක
            දැනුන දාට තත්පරයේ වටිනකම
            හඬයි ඔබම මට නැහැනේ තත්පරය

යාළුවා:
            වැඩකරනට අදහසක් නෑ
            කවදාකවත් වැඩ කරල නෑ
            සිතුවෙත් නෑ පැතුවෙත් නෑ
            තත්පරය මට වැඩකටම නෑ
            කීවත් ඔබ මොන මොන අවලාද
            සිත එඩිතරයි කවදත් ඒ වගෙම අද
            කුමක් කරන්නද ඕනෑ නැතුව මට
            උඹට අගෙයි, මට වැඩකට නැතිදේම
මම:
අගේ දනී නොදන්න උඹෙ අනාගතේ
එඩිතරකමේ ඇති අඩුපාඩුවක් වගේ
අවලාදයක් ලෙස පෙනෙනා අවවාදේ
දුන්නේ පෙනුන බැවිනුයි නුඹෙ අනාගතේ
හිතල බලනු කරුණක් ගැන මගෙ මිතුරේ
සැලසුම් කරනු අදසිට නුඹෙ අනාගතේ
අඳුරු වුනොත් වැඩකට නෑ කතන්දරේ
හිතල බලනු වටිනාකම තත්පරයේ

යාළුවා:
තත්පරයද වටී
අනාගතයද එලෙසම වටී
ඔබද මට බොහො වටී
නිදිමත නිවෙන්නට කීවේ මේ වැකී

මම:
ඔබට වුනානම් කරුණක් මගේ වැකී
සිතේ ඇති වුනා කරුණා සිතිවිලි
කමා කරල අමතක කර මගේ වැකී
හොඳ මිතුරෙක් ලෙස කීවේ මෙවන් වැකී

යාළුවා:
අහෝ මගේ මිතුරේ
සිතුවෙ නෑ වැටේවි අඳුරේ
කවුද මගෙ පැදුරේ
එකට එක්වී නිදා සිටියේ
මිතුරු දම අගේයි
මහමෙරකටත් වඩා
ඔබ මට වටී මගෙ දිවියටත් වඩා
කියමිද කෙලෙස ඔබ මොඩයකැයි මෙලෙසා

මම:
අහෝ ඛේදයකි තත්පරයක් කල හදිය
මටම කියනවා මුන් අද ඇනුම් පද
දැන සිටියා නම් මම ඔබගේ තරම
තිබුනා නේද නොකියන්නට වදන් මම
වදන් කීවෙ උපදෙස් දෙන්නට නේද
වදන ඇහුවෙ මෝඩය කියලා නේද
දැනුනා නම් කියනා බව මේ වදන
මෝඩය දන්නවද මෝඩයකුගේ තරම

යාළුවා:
****

ඔන්න ඔහොමයි වැඩේ අවසන් වුනේ. දේශණයක් අතරේ කඩදාසියක මාරුවෙච්ච වචන පේලි ටික ඒ හැටියෙන්ම දුන්නේ ඔයාලට කියවන්න. දාන්න අදහසක් ඔයාලගේ ඔළුවල කැරකි කැරකි තියෙන.

1 comment:

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!