මගේ ගමන් බිමන් විසි හතර වැනි කොටස - බෝගොඩ පාලම

බෝගොඩ පාලම... ? මොකක්ද මේ? අහල තියෙනවා ඒත් දන්නේ නෑ නේද? මෙන්න විස්තරේ. බෝගොඩ පාලම තියෙන්නේ බෝහෝම ලස්සන ප්‍රදේශයක. මම යද්දී නම් පාර ටිකක් විතර දුශ්කරයි. ඒකට හේතුව පාර පටු වීම. බදුල්ල හාලි ඇල කියන ප්‍රදේශයෙන් හැරිල ඇටම්පිටිය පාරදිගේ යද්දී අපට බෝගොඩ රජමහා විහාරය දකින්න පුළුවන්. පාලම තියෙන්නේ විහාර භූමියේමයි. විහාර බෝ මළුවේ ඉඳල පඩි 100ක් විතර පහලට බැස්සාම මේ පාලම සහ ලෙන් විහාරය දකින්න පුළුවන්.

මේ පාලම ලෝකයටම විශේශිත පාලමක් වන අතර වහලක් ඇති එකම පාලම ලෙස වැදගත්ම විශේෂ ලක්‍ෂණය දකින්න පුළුවන්.ලෙන් විහාරය දකින්නත් කලින් අපට මේ පාලමේ වහල දකින්න ලැබෙනවා. ඇතමෙක් මෙය දඹදෙණි යුගයේ (ක්‍රි.ව. 1220-1270) නිර්මාණයක් යැයිද මහනුවර යුගයේදී (ක්‍රි.ව. 1747-1780) කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් යැයිද විශ්වාසයක් පවතිනවා. අඩි පනහක් පමණ දිග අඩි සයක පළලින් යුතු මෙම පාලම ලෝකයේ ඇති ලී වලින් පමණක් කල එකම පාලමද වෙනවා.

තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ඇති අඩි අටක පමණ උසින් යුතු ලීයෙන් කල වහලයි. අගනා මහනුවර යුගයට නෑකම් කියන්නා වූ කැටයමින්ද සමන්විත පියස්ස පෙති උළු වලින් අලංකරණය කර ඇත. ඒමෙන්ම මෙහි එකඳු ඇණයක් හෝ භාවිතා නොකර සාදි ඇති අතර සියල්ල ශක්තිමත් දැව මූට්ටු වලින් සකසා ඇත. විශාල දැක කඳන් දෙකක් මත ඇති මෙය අත්වාරුවකින් ගමන් කරන්නන්ගේ ආරක්‍ෂාව සපයල තියෙනවා.

මහකුඹුර හා කෙකටිය මළුව ගම් දෙක යා කරමින් ගල්ලන්ද ඔය හරහා බැඳි පාලම තවමත් ශක්තිමත් ලෙස තියෙනවා. මෙතැන ඇති ලෙන් විහාරය ආසන්නයේ ඇති ගුහාව වලගම්බා රජ සැඟව සීටීමට භාවිත කලා යැයි ශිලා ලිපි වලින් කියවේ. මෙහි ඇති ආවාස ගෙවල් රාජසිංහ රජ විසින් කරවූ බැව්ද කියවේ.

7 comments:

  1. අපූරු පාළමක්. වහළය නිසා පාළමේ ලී ටික පරිස්සම් වෙනවා වගේම යන එන්නන්ට පහසුවත් සැලසෙනවා ඇති.
    ගම්පහ පැත්තෙ වළගම්බා රජ්ජුරුවන්ට සම්බන්ධ තවත් විහාරයක ඔය වගේ පාළමක් දැක්කා වගේ මතකයි. නමුත් ඒක බොහොම කුඩා එකක්, පුංචි දිය පාරකින් පන්සල ඇතුළෙම එතෙර වෙන්න තිබුණෙ. බලන්න යන්න ඕන මෙතන කවදක හරි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම, කොහෙද ඔය කිව්ව තැන තියෙන්නේ ආසයි බලන්න යන්න. බොහෝම ස්තූතියි කොමෙන්ටුවට.

      Delete
  2. හොඳ අදහසක් නේ . මේ වගේ ජපන් පාලමක් තියෙනව මධ්‍යම වියට්නාමයේ . බෝගොඩ පාලම ගැන අහල තිබුනට කවදාවත් යන්න බැරි වුනා .

    ReplyDelete
  3. සුළා, උඹ ශාකුන්තලයගෙ මල්ලි කියල දැනගත්තෙ ඊයෙ. පට්ට පොරක්නෙ. ඔය පාළම කිට්ටුව තවත් විශේෂ දේ තියෙනව. මේක ඉඟියක්, පුළුවන්නම් හොයාගනින්.

    ReplyDelete
    Replies
    1. පාලම ලඟ විතරක් නෙවි ප්‍රදේශයේම විශේෂ දේ තියෙනවා. නමුත් ඔබ කියන විශේෂත්වය මොකකද කියලයි හිතාගන්න බැරි... ස්තූතියි අදහසට...

      Delete
  4. මේ පිලිබද දිගු විස්තරයක් සහිතව ලියවුනු පරන පොත් පත් මොනවාදා... ව්‍යාපෘතිය කට කරුනු ගන්න තරම් හොද පොත්.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා වලගම්බා රජ දවස ගැන ලියැවුන ඉතිහාස පොත් වල ඇති ඔබට අවැසි කරුණු

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!