මගේ ගමන් බිමන් විසිනම වන කොටස - ඔවාගිරිය රජමහා විහාරය - පැල්වත්ත

ඔවාගිරිය රජමහා විහාරය නමින් මම කලින් ලියුව ලිපියකට ලැබුණ ප්‍රතිචාරයක ප්‍රථිඵලයක් තමයි මේ කියන පැල්වත්තේ තියෙන ඔවාගිරිය විහාරය බලන්න යන්න හේතුව වුනේ.
 කලින් ලිපියට... http://sulakkhana.blogspot.com/2012/09/blog-post_6.html

මේ කියන පන්සල තියෙන්නේ ඌව ප්‍රාදේශිකයේ පැල්වත්ත හංදියෙන් හැරිල කිලෝමීටර තුනක් විතර යද්දී හමුවෙන හොරබොක්ක කියන ප්‍රදේශයේ.

පන්සලේ ඉතිහාසය දුටුගැමුණු රජසමය දක්වා ඒ කියන්නේ ක්‍රි.පූ. 128 දක්වා විහිදෙන බවයි කියවෙන්නේ. මේ පන්සලේ ඉඳන් කිලෝමීටර 6ක් පමණ දුරකින් තමා යුධගනාව කියන තැන තියෙන්නේ. ඒ ගැන වෙනම ලිපියකින් කියන්නම්. එතැන තමයි දුටුගැමුණු හා සද්ධාතිස්ස කුමාරවරු අතර යුද්ධය සිදුවෙලා තියෙන බවට විශ්වාස කරන තැන. මේ කියන ඔවාගිරිය පන්සල, එකල රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් විදිහට තමා සැලකෙන්නේ. ගල් තලාව උඩ වැඩ  සිටි හිමිවරුන් දැකල තියෙනවා මේ කුමාරවරු අතර යුද්ධයක් ඇතිවන බව. ඒ නිසා මේ කුමාරවරු සඳහා අවවාද කර ඇත්තේ මෙතැනදී බවත් ගලක් මතදි අවවාද දුන් එනම් ඔවා දුන් ගිරිය ඔවාගිරිය ලෙස ව්‍යවහාරයට එක්වුන බව තමයි ඉතිහාසය කියන්නේ.
මේ ගල් පහුර මතට යන්න එකල මාර්ග තුනක් තිබූ බවත් එක්ටැම් විහාරයක් ඒ කියන්නේ සතුන්ගෙන් ආරක්‍ෂා වෙන්න ගල් කුළුණු මත හදපු විහාරයක් තිබූ බවටත් සාක්‍ෂි තියෙනවා. නමුත් මම දැක්ක කණගාටුවට කරුණු කීපයක් තිබුණා. එනම් නටඹුන් තිබුණු ප්‍රෙද්ශය කැලෑවට වැහිල යන්න ඉඩදීලා වාගේම සමහර පැරණි ඉදිකිරීම් මතම වාගේ අළුත් ඉදිකිරීම් කරල. මේ දෙකම අපේ ඉතිහාසයේ දේවල් දකින්න නැති වෙන විදිහේ වැඩ.

තව දෙයක් මට දැනගන්න ලැබුණා. ඒ සෙල්ලිපියක් තිබිලා පසුව මාර්ග සංවර්ධන සමයකදී ඒ ස්ථානවලින් ගල් කඩා ගෙන ඇති බවත් ගිණි ගැසීම් හා වෙනත් දේ නිසාවෙන් සෙල්ලිපි විනාශ වී ඇති බවත්. මේ දේවල් අපේ මිනිස්සු නොසැලකිල්ල නිසා කල දේවල් කියලයි මම නම් හිතන්නේ. තවත් දෙයක් තමා මේ. බලන්න ගල් පඩිලෙලේ පස්සේ ගෙනත් දාපු අක්පාන පැළ ටික. අනිවාර්යයෙන් මේ ටික පැලවෙද්දී පඩිපෙල නම් විනාශ වෙනවා. කොහොම වුනත් මගේ විශ්ව විද්‍යාල හැඳුනුම්පත නොතිබෙන්න පන්සලේ හාමුදුරුවෝ නම් අපිට විස්තරයක් කියන්නවත් ඉදිරිපත් වෙන්නේනැති එක නම් සත්‍යයක්. මොකද නිධන් හොරු විසින් මේ දේවල් විනාශ කරන්න ගන්න උත්සායන් කියලයි හාමුදුරුවෝ නම් කියන්නේ. කොහොම වුනත් මම මේ නිදන් හොරු කියන කතාව නිසා විඳපු කරදර නම් අපමණයි.

මේ ගැන මට දැනුම් දුන්නේ ජානක ශ්‍රීමාල් කියල කෙනෙක්. ඔහුට මම මේ වෙලාවෙදි ගොඩක් ස්තූතිවන්ත වෙනවා.ඒවගේම නන් අයුරින් මට පාර හොයාගන්න උදව් කල අයටත් ස්තූතිවන්ත වෙනවා.

තවත් පින්තූර...

2 comments:

  1. "දුටුගැමුණු රජසමය දක්වා ඒ කියන්නේ ක්‍රි.ව. 128 දක්වා විහිදෙන බවයි කියවෙන්නේ" මේක වැරදියි.. ගාමණී අභය රජසමය ක්‍රි.පූ වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. එතැන ලිපිය දාද්දී වෙච්චි වැරදීමක් වගේ.

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!