මගේ ගමන් බිමන් තිස්හතර වන කොටස - බද්දේගම වින්ටර් තොටුපල


මේ කියන්නේ ගාල්ලේ බද්දේගම තියෙන පුංචි තොටුපලක් ගැන විස්තරයක්. ගිංගඟට තොටුපල කොච්චර තිබුනත් මේ තොටුපලට විශේෂ තැනක් තියෙනවා. ඒ ලංකාවේ මුල්ම පුවත් පත් කතුවරයා වුන ජෝර්ජ් වින්ටර් මහත්මයා සිලෝන් ඔබ්සර්වර් ඇන්ඩ් කොමාෂල් ඇඩ්වර්ටයිසර් නැමැති කෘතියේ සංස්කාරක ධූරයෙන් සමුඅරන් ව්‍යාපාර කටයුතු අත්හැරල ගිං ගඟ දිගේ ඇවිත් මෙන්න මේ තොටුපලෙන් බැහැල සන්සයිඩ් ඉඩම මිලදී අරන් තියෙනවා. ඒ 1841 දී. ගාල්ලේ උක්වගාව ප්‍රචලිත කරල ගාලුතොටින් අපනයනය කරල තියෙනවා.









 
පස්සේ නිල් නිශ්පාදනයත් කරල තියෙන්නේ මේ වින්ටර් මහත්මයාමයි. එයට අවරිය පැල හිටවපු තැන අදටත් නිල්හේන විදිහටත් උක් සිටවූ ප්‍රදේශය උක්වත්ත විදිහටත් තාම ව්‍යවහාරයේ තියෙනවා. පැඟිරි වගාව හා මුල්ම වතාවට කොස් ලීයෙන් ගෘහභාණ්ඩ නිශ්පාදනය කරල තියෙන්නෙත් මේ වින්ටර් මහත්මයා මයි. මෙන්න මේ වින්ටර් මහත්මයා ගාලු පුරවරයට කල සේවය නිසාවෙන්ම ඔහු ගොඩබැස්ස මේ තොටුපල වින්ටර් තොටුපල විදිහට ඔහුට ගෞරවයක් විදිහට හැඳින්වුනා.









නයිපෙණ පහ සහිත මුරගල් දෙකක්, සිංහ රෑප දෙකක් හා සඳකඩ පහණක් මේ තොටුපලට සිංහල පෞඩත්වය එකතු කරල තියෙනවා. නයිපෙන අපේ සිංහල නාවික කටයුතු සනිටුහන් කරන දෙයක් බවත් මේ වෙලාවේදී කියන්නම ඕන. දැන්නම් මේ තොටුපල ජරාවාස වෙලා වගේම කෑලෑවට ගිහින්. අප්‍රසිද්ධියේම තියෙනවා. බලන්න තරම් ලස්සන දෙයක් කියන්න නම් බැරි වුනත් අපේ ඉතිහාසයේ සංධිස්ථානයක් විදිහට සලකලා බැලුවොත් වටිනවා. ඒ වගේම සුද්ධ පවිත්‍ර කරල ගත්තා නම් තවත් ගොඩක් බලන්න සිතෙන ආකාරයක් ගනීවි.

ගමන් බිමන් තිස්තුන කොටසට....

8 comments:

  1. උඹ නං මලේ බොහොම වාසනාවන්තයෙක්.. මේ වගේ ඇවිදින් ලැබෙන්නේ පිං කළ අයටයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් මහත්මයා

      Delete
  2. අපේ ගම් පලාත ගැන ලිපියක් :) (Y)

    ReplyDelete
  3. මාත් මේ තොටුපලින් නාලා තියනවා බොහොම ඉස්සර . ගං වතුරට බොහෝ ඉක්මනට යට වෙන ප්‍රදේශයක් .
    …ලඟකදීනම් ගියේ නෑ .

    ReplyDelete
    Replies
    1. බද්දේගම ‌තෙිහාසික ‌තොරතුරැ ඒකතුුුුකර කතිකාවතක් අරඹිමට ‌අප සූදානම් කර ඇත ඔබේ අත්දැකීම් ‌බෙදාගැනීමට කැමති නම් ඔබව සමබන්ධ විය හැකි දුරකථන අංක හා ඊ‌ෙමේල් ලිපින ලබා ‌දෙන්න ‌තොරතුරැ දැන්විය හැක.

      Delete
    2. බද්දේගම ‌තෙිහාසික ‌තොරතුරැ ඒකතුුුුකර කතිකාවතක් අරඹිමට ‌අප සූදානම් කර ඇත ඔබේ අත්දැකීම් ‌බෙදාගැනීමට කැමති නම් ඔබව සමබන්ධ විය හැකි දුරකථන අංක හා ඊ‌ෙමේල් ලිපින ලබා ‌දෙන්න ‌තොරතුරැ දැන්විය හැක.

      Delete
  4. මේ තොටුපල හරියටම කොහෙද තියෙන්නේ.බද්දේගම හරිය ටිකක් දන්නවා.

    කොස් ලින් ගෘහ භාණ්ඩ රජකාලේ ඉඳලම හදලා නැද්ද?.

    ReplyDelete
  5. ඔබටත් එසේම වේවා...!

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!