මගේ ගමන් බිමන් තිස්හය වන කොටස - පුළුන් ඇල්ල

රත්නපුර පැල්මඬුල්ල පාරේ පාතකඩ කියන ප්‍රදේශයේ තමා මේ දිය ඇල්ල තියෙන්නේ. ප්‍රධාන මාර්ගයෙන් දේවාලගම මාර්ගයේ කිලෝමීටරයක් විතර ගියාම මෙතැන දකින්න පුළුවන්. පුංචි දිය ඇල්ලක් වුනත් ලස්සන තැනක්.
සිගපුලි කන්දෙන් ආරම්භ වෙන දිය පාර මවන දිය ඇල්ලේ මුළු උස මීටර 86ක් විතර කොටස් දෙකක් විදිහට ඇද හැලෙන දිය ඇල්ලේ ඉහල කොටස මීටර 9ක් විතර. දිය ඇල්ලේ පළල මීටර 12ක් විතර වෙනවා. ගල් පැල්මක් අතරින් වැටෙන දිය ඇල්ල ගොඩක් ලස්සනයි. පළවෙනි කොටස වතුර වැටිලා පොකුණක් හැදිලා වතුර ගලාගෙන ගිහින් තමා වෙනි කොටස හැදෙන්නේ. දිය ඇල්ලේ වතුර වැටෙද්දී පුළුන් විසිවෙන විදිහට පේන නිසා තමයි මේ ඇල්ල පුළුන් ඇල්ල කියල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.

මට ලැබුණු පුංචි කාලයේදී ඒ තැන බලන්න ගියේ නාන්න එක්කමයි. ඒත් ඉතින් වැස්ස නිසා බලන්න තිබුණු ප්‍රමාණය අඩු කරන්න වුනා. වැස්සෙනුත් දිය ඇල්ලෙනුත් නාගෙනම ආයේ ආවේ තවත් දවසක් ඒ වෙනුවෙන් වෙන්කරන්න හිතාගෙනමයි. හැබැයි විනාශ කාරයෝ මත්පැන් පාවිච්චි කරල ඒ ඒ ද්‍රව්‍ය මේ ප්‍රදේශයේ දාල යන එක නම් සෑහෙන්න දකින්න ලැබුණා. බලන්න දකින්න මේ තැන් ඒත් විනාශ කරන්න නම් එපා...!

අනිත් පින්තූර......

ගමන් බිමන් වල තිස්පස් වන කොටසට.....

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!