මගේ ගමන් බිමන් හතලිස් එක්වන කොටස - දිව්රුම්පොල රජමහා විහාරය


දිව්රුම්වෙල රජමහා විහාරය පිහිටලා තියෙන්නේ වැලිමඩ නුවරඑළිය පාරේ නුගතලාව ප්‍රදේශයේ. එතැන පොඩි චෛතයයක් එක්ක ස්මාරකයක් තියෙනවා එතැනි හැරිල මීටර 50ක් විතර ගියාම තමා පන්සල දකින්න පුළුවන්. පොඩි පන්සලක් වුනත් එතැන ඓතිහාසිකව වැදගත් ස්ථානයක්.
මෙතැන වැදගත්කම කියන්න අපි රාමායණය දැනගෙන ඉන්න ඕන. රාමායනයේ එන විදිහට රාවණ සීතාදේවිය ගෙනාවට පස්සේ රඳවලා තියල යුද්ධය අවසානයේ රාම කුමාරයා ආයෙත් සීතා දේවියව ලබා ගන්නවා. ඒත් රාම කුමරුන් සීතාදේවිය අවිශ්වාස කරනවා. මේ හේතුව නිසාවෙන් සීතාදේවිය ගිණිගොඩකට පැනලා තමාගේ පතිවත කෙලසී නැහැ කියල දිව්රල කියනවා. මෙන්න මේ කියන දිව්රුම දුන්නා කියන භූමිය මෙතැන කියලා තමයි කියන්නේ.
ඒ විදිහට දිවුරුම් දුන් ස්ථානයේ පසුව දෙතිස් ඵලරුහ ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ ශාඛාවක් ස්ථාපනය කරල තියෙනවා. ලස්සන වටපිටාවක තියෙන මේ පන්සල අපේ හෙළ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් විතරක් නෙවෙයි අවුරුදු 6800ක් විතර පැරණි ඉතිහාසයක් (මම ලිව්ව අපේ ඉතිහාසය පටන් ගන්නේ කොතැනින්ද කියන ලිපිය කියවලාබලන්න) ගැන කතාව පුරාවෘතයක් නෙවෙයි කියන්න තරම් භෞතික සාධකයක් ලබා දෙන තැනක්. ගිහින් වන්දනා කරල අපේ ඉතිහාසයේ පුංචි තැන් හොයා බලන්න.

2 comments:

  1. නියමයි සුලා ඔයත් හොඳට ඇවිදින කෙනෙක් නේ.. ඉතින් නරකද පිට රටකත් ඇවිදලා ආවොත් එහෙම.
    පතායා ගිය ගමනක් ගැන මෙතැනින් කියවන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා දවසක අනිවා එනවා...

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!