තාරකා විද්‍යාව හා ජෝතිශ්‍යය

අප අහසේ දකින තාරකා, ග්‍රහලෝක ඇතුළු දේ මත පදනම් වුන ජෝතිශ්‍යය හා තාරකා විද්‍යාව පිළිබඳ මූලික කරුණු කීපයක් තමයි මේ ලියන්න හදන්නේ. ඒකට හේතුවුනේ තාරකා විද්‍යාව හා ජෝතිශ්‍ය කියන්නේ එකම විශය ක්‍ෂේත්‍රයක් යැයි සිතමින් ඒ පිළිබඳ හදෑරීමට මැලිකමක් දක්වන අය වෙනුවෙන්. අප වටේ තියෙන තාරකා රටා, ග්‍රහලෝක, හිරු, සඳු කියන දේවල් මේ දෙකටම අදාල වුනත් ජෝතිශ්‍ය විද්‍යාවේදී සැලකීමක් නොකරන ධූමකේතු, මන්දාකිනී, ග්‍රහක ඇතුළු තව බොහෝමයක් දේවල් ගැන සෙවීම තාරකා විද්‍යාව සතු වෙනවා.










ජොතිශ්‍ය විද්‍යාව අනුව තාරකා රටා 12කුත් බුධ, සිකුරු (ශුක්‍ර), අඟහරු (ගුරු), බ්‍රහස්පති (කුජ), සෙනසුරු (ශනි), යුරේනස්, නෙප්චූන් හා ප්ලූටෝ ඇතුළු ග්‍රහයින්ගෙන් පෘථිවියට ඇති බලපෑමත්  හිරුගේ හා සඳුගේ බලපෑමත් ගැන කතා කරනවා. මෙහිදී ඇති තාරකා රටා 12, සමාන අංශක 30 කොටස් හිමි කරගන්නා බවත් සලකනවා. නමුදු තාරකා විද්‍යාවේදී අප දැනට හඳුනාගත් තාරකා රටා 88ක් පමණ තිබෙන අතර ඒ ඒ තාරකා රටාවන් අහසේ සිට විවිධ ප්‍රමාණයේ ඉඩකඩක විහිදී පවතිනවා. උදාහරණයක් විදිහට තුලා රාශිය අංශක 20කට අඩු ප්‍රමාණයකත් කන්‍යා රාශිය අංශක 50කට ආසන්න ප්‍රමාණයකත් පැතිර පවතිනවා.
ජෝතිශ්‍ය විද්‍යාවේදී කෙනෙකුගේ ලග්නය ලෙස තෝරාගනු ලබන්නේ නැගෙනහිර දෙසින් එම කාලයේ පායා එන තාරකා රටාවට අදාලග ලග්නය වුවත් ඉහත හේතුව නිසාවෙන් එය වෙනස් රාහියක උපන්නෙක් විය හැකියි. මෙසේ තාරකා රටා 12 ක් හඳුනාගෙන ඇතිතේ සමකය ඉහල අහස පදනම් කරගෙන වන අතර එයට හේතු ලෙස දැක්විය හැකි ප්‍රධානම කරුණ වන්නේ ජෝතිශ්‍ය යනු දකුණු ආසායාතික රටවල් වලින් පැවත එන්නක් වීමයි. ජෝතිශ්‍යය ශාත්‍රයක් වනවා විතරක් නොවෙයි එය වැරදි මිත්‍යාවක් ලෙස සලකා කරුනු ඉදිරිපත් කිරීමට විහිළුවකි. නමුදු තාරකා විදයාව හා අප දන්නා සාමාන්‍ය දැනුම අනුවද දක්නා කරුණක් ඇත. එනම් තාරකා හා ග්‍රහලෝක වල පිහිටීම් කාලයත් අනුව වෙනස්වන බවයි.
විසරණය වෙමින් හෝ හැකිලෙමින් පවතින්නා වූ විශ්වයේ වන වෙනස්වීම සඳහන් නොවන්නා වූ ජෝතිශ්‍යය කාලය අනුව වෙනස් නොවන්නා වූ පාරම්පරික විශය ක්‍ෂේත්‍රයක් බවට පත්ව ඇත. ග්‍රහක, ධූමකේතු ආදිය ගැන සඳහනක් ජෝතිශ්‍යෙය් නැත. අප අවට ඇති ග්‍රහලෝක වල බලපෑම, හිරු, සඳුගේ බලපෑම අපට ඇති නම් අනෙක් දේවල් වලින් බලපෑමක් නැතැයි ද සිතිය නොහැක. තාරකා විද්‍යාව හා ජෝතිශ්‍ය විද්‍යාව එකම විශය ක්‍ෂේත්‍රයක් යැයි සිතන්නේ නම් එය වැරදි මතයකි. තාරකා විදයාව යනු නිරීක්‍ෂණ හා නිගමන මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ යන විශයයක් වුවද ජෝතිශ්‍ය විදයාව යනු යම් යම් බැදීම් රුසකට යටත්ව ඇති උපකල්පන මත පදනම් වූ විශයයකි. එනිසා මේ විශයයන් දෙක එකම භෞතික සම්පත් භාවිත කරමිනි නිර්මිත වෙනස් විශය ක්‍ෂේත්‍ර දෙකක් ලෙස හඳුන්වා දීම වඩා යෝග්‍ය යැයි සිතමි.

ජෝතිශ්‍යය ගැන ලියැවුන ලිපියක් මෙතැනින්......

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!