සෑබෑ අලුත් අවුරුද්ද සොයාගන්නේ කොහොමද?

අප අද විශාල තාක්‍ෂණික දියුණුවත් සමඟ ඉදිරියට යමින් පවතී. ඒ තුල මිනිසා චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායන්ගෙන් මඳක් ඔබ්බට ගොස් ඇති බවක් පෙනේ. නමුදු හෙල සිරිත් විරිත් තුල තවමත් අරුත්බර වූ දේ විනාශවී නොමැත. අද 2014 වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලැබූ දිනයයි. නමුදු මා තුල කලක් තිස්සේ ඇති කෙරුණු උභතෝකෝටික ප්‍රශ්ණයක් වෙයි. ඒ ඇත්තටම අලුත් අවුරුද්ද කවදාද? මගේ ලිපි දිගටම කියවන අය මා ලියූ ජෝතිශ්‍ය හා තාරකා විද්‍යාව පිළිබඳ, කේන්‍ද්‍ර සාස්තර පිළිබඳ ලිපි කියවන්නට ඇති. ඒ මෙන්ම අද පැහැදිලි කරන්නාවූ කරුණු මැනවින් කියවා සිතින් අවබෝධ කරගන්නා මෙන් ඉල්ලමි.
පළවෙනිම දේ මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ තාරකා විද්‍යාව නම් නෙවෙයි. ඒක ජෝතිශ්‍යය අනුව සිදුවන්නාසේ සලකන කරුණක්. නමුත් අද අප දන්නා ජෝතිශ්‍යය තාරකා විද්‍යාව එක්ක එකට මිශ්‍ර කිරීමක් කරලයි තියෙන්නේ. සූර්යයා මීන රාශියෙන් මේශ රාශියට යනවා කියන්නේ මොකක්ද? හැමෝම දන්නවා සූර්යයා නෙවෙයි අපියි කැරකෙන්නේ කියල. එතකොට අපට පේනවා සූර්යයා ගමන් කරනවා වාගේ. නමුත් මීන රාශියෙන් මේශ රාශියට යාම කවදාවත්ම දකින්න ලැබෙන්නේ නැහැ. ඒයට හේතුව දහවල් කාලයේ අපට තාරකා රටා දකින්න බැරිවීම.
http://nikolasschiller.com/images/new_years_zodiac_detail.jpg
මම පැහැදිලි කරන්නම් ඒ කොහොමද කියලා. අතීතයේ ජෝතිශ්‍යයේ කියැවුනේ රවි, චන්‍ද්‍ර, බුධ, ශුක්‍ර, කුජ. ගුරු, ශනි, කේතු හා රාහු යන අය පමණකි. නමුත් තාරකා විද්‍යාඥයින් නෙප්චූන්, යුරේනස් හා ප්ලූටෝ සොයාගැනීමත් සමඟ ජෝතිශ්‍යයද ඒ ග්‍රහයින් අලලා කේන්‍ද්‍ර සකසන්නට වූහ. එහෙත් අද ප්ලූටෝ නැත. එහෙයින් පසු දිනෙක ජෝතීර්වේදීන්ද ප්ලූටෝ හලනු නියතය.

මේ ලෙස වසර දහස් ගණනක ශිල්පයක්තාරකා විද්‍යාව නිසා වෙනස් කරන්නේ නම්, එක් එක් තාරකා රාශියට අදාල අංශක 30ක් යැයි සැලකෙන ප්‍රමාණය ඒ ඒ තාරකා රාශීන්ට අදාල විවිධ සම්මත අගයයන් වලට වෙනස් කල යුතුයි නේද? එය එසේ සිදු කලා නම් අද 2014 අප්‍රේල් 14 වනදා නොව අප්‍රේල් 19වනදා පමණ අපට අලුත් අවුරුදු සමරන්නට වනු ඇත. ඒ විතරක්ම නොවෙයි අවුරුදු 2166කට වරක් එක් මාසයකින් අලුත් අවුරුද්ද පසුපසට යනු ඇත.
 http://urbanmala.info/blog/wp-content/uploads/2014/01/astrological-forecast-2014.jpeg
මේ සියල්ල සැලකුවාම හොඳමදේ තමයි අවුරුද්ද සමරන්න. හැබැයි එක ක්‍රමවේදයක් සලකන්න අවුරුද්ද එන දිනය වෙලාව සකසන්න. එක්කෝ ජෝතිශ්‍යය නැතිනම් තරකා විද්‍යාව. මම හිතන්නේ ඒ දේ සඳහා උචිත වෙන්නේ තාරකා විද්‍යාවටවඩා ජෝතිශ්‍ය කියලයි. නමුත් මිශ්‍ර වුන ජෝතිශ්‍යය නම් නොවෙයි.