මගේ ගමන් බිමන් පනස් දෙවැනි කොටස - සුරතලී ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයට අයිති වෙන මේ දිය ඇල්ල තියෙන්නේ බෙලිහුල් ඔය පැත්තේ ඉඹුල්පේ හංදිය කිට්ටුව. පාරේ ඉඳන් මීටර 50ක් විතර ගියාම දකින්න පුළුවන්. පාරේ නම් සංචාරක අමාත්‍යාංශයෙන් හා පරිසර අමාත්‍යංශයෙන් දාපු නාම පුවරු දෙකක්ම තියෙනවා.

අතීතයේ මරන්ගහ ඇල්ල විදිහට හඳුන්වපු දිය ඇල්ල "සුරතලී" කියන සිංහල චිත්‍රපටයක රූගත කිරිම් වලට අරන් තියෙනවා. ඒ නිසා ඒ නමින් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී පාද රක්‍ෂිතයට අයිති වෙන මීටර 948ක් උස මල්ලවාන කඳුවැටියෙන් ආරම්භ වෙන කඩවත් ගඟෙන් නිර්මාණය වෙලා පස්සේ ජල පහර වේලි ගඟට ගලා බහිනවා. දිය ඇල්ලේ උස මීටර 60ක් විතර වෙනවා වගේම පළල මීටර 2ක් විතර තමයි වෙන්නේ. කොටස් තුනකට ගලා බහින දිය ඇල්ල අපූරු චිතුයක් මවනවා.


ඇස නොගැටුනු දූෂණය නොවුන කැලෑ රොදක තියෙන දිය ඇල්ල අවට ආවේණික මත්‍යයින් හා සතුන් බොහෝමයක් වාසය කරනවා. කොහෝම වුනත් ගිහින් බලන්න වටින තැනක්. යන එන ගමන් විඩාව කාංසිය නිවාගන්න හොඳ තැනක්. කොටස් තුනෙන් දෙකක් පහසුවෙන් නගින්න පුළුවන්. මැද හරියේ කුඩා ප්‍රමාණයේ තටාකයක් තියෙනවා. නාන්න වුනත් පුළුවන්. නමුත් එහි අයිනේ නම් ඉඳගෙන සෙල්ලම් කිරීම භයානකයි.

තව පින්තූර බලන්න

විඳින්න පුළුවන් සුන්දරත්වයක් තියෙනවා. විනාස නොකර අනාගතයට පරිස්සම් කරලා විඳගන්න...

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!