ෆුල්ෆේස් තහනම

දැන් දැන් ආණ්ඩුවෙන් එක එක එව්ව ගේනවා. දැන් කිව්වට කලින් ආණ්ඩුවත් එහෙම තමා. lol කලින් ආණ්ඩුව තයෙන කාලේ කස්ටියට මතකයිනේ ෆුල් ෆේස් එක තහනම් කරන්න හැදුවා. හපොයි මූණූ පොතේ කල හදියක් ඒකට විරුද්ධව. අන්තිමට මොන තහනමක්ද? තහනම ඉවරයි. දැන් ආයෙත් පටන් අරන්. කට්ටිය නම් කියන්නේ ඒක දාගෙන මැරකම් හොරකම් කරන නිසා තහනමක් ගේන්න ඕන කියල. ඒකෙන් මේකෙන් වෙන්නේ අහිංසක කොල්ලෝ කුරුට්ටන්ගේ බෙලි කඩාගන්න එක.
මම නම් පුද්ගලිකව මේ තහනමට විරුද්ධයි. ඒ ‍මොකද දන්නවද මම මගේ බයික් එක ගත්තත් හරි වැටුනේ එක පාරයි. ඒ බව්වෙක් යටවෙලා. හැබැයි ඉතින් එදා වැටුනු ගමන් අද මේ තියෙන හැන්ඩි මූණ :P ඉතිරි වෙලා තියෙන්නේ නම් ෆුල්ෆේස් එක නිසා. කොහොම වුනත් මේ හෙල්මට් එක නිසා අනතුරකදී වෙන ආරක්‍ෂාව නම් සෑහෙන්න වටිනවා.

වයිසර් එක නිසා මූණ, ඉස්සරහ වැහුණු කොටසින් කට හා නිකට, කණ්. ඉතින් මේ විදිහට ආරක්‍ෂාවක් තියෙන හෙල්මට් එක අයින් කරල යන්තම් මූණ වැහෙන්න හෙල්මට් එකක් දාන්න කියන්නේ වැඩිම අනතුරු සිදුවෙන මෝටර් සයිකල් වල යන අයට තියෙන ආරක්‍ෂාව අඩු කරන්නද? වයිසර‍ය තියෙන මූණ බාගයක් වැහෙන හෙල්මට් එකක් දාගෙන ගිහින් වැටුනාම වයිසරේ කැඩිල කෙලින්ම මූණ තමා කැපෙන්නේ. එහෙම වුන අය ගැන මම දන්නවා. අන්තිමට ප්ලාස්ටික් සැත්කමක් කරල මූණ හැදුව. වෙලාවට මනුස්සයට සල්ලි තිබුනේ. 

කොහොම වුනත් ආයෙම පෙරලියක් කරල මේ තහනම නම් ඉවත් කරන්න ඕන. වැරදි කරන මනුස්සයා වැරදි කරනවා. ඒකට උන් ක්‍රම හොයාගනී. හැබැයි ඉතින් අපිට ආරක්‍ෂාවක් දෙන හෙල්මට් එක නම් තහනම් කරනවා නම් හෙල්මට් නොදාම යන්න ඉඩ අරින්න. වැඩේ ඉවරයි. තව ටිකක් ජනගහනය අඩු කරගන්න පුළුවන්. lol

4 comments:

  1. පය බරවායට පිටිකර බෙහෙත් බඳිනව කියන්නෙ මේ වගේ විසඳුම් වලට තමයි

    ReplyDelete
  2. එල. ටික දෙනෙක් කරන වැරදි වලට හැමෝටම කෙලවන්න ඕන නෑනෙ

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!