ලංකාව ඇතුලේ Nikon, Canon කැමරා එක්ක තරඟ වදින Sony කැමරාව....

මේ දවස් වල සෑහෙන්න sony කැමරා ගැන කතා කරන නිසා මම හිතුවා පොඩ්ඩක් ඒ ගැන ලියන්න. අලුත් කැමරාව වෙනුවෙන් Sony සමාගමෙන් ලොකු නිශ්පාදන රහස් ප්‍රමාණයක් තියාගෙන ඉන්නවා කියලයි මම හිතන්නේ. Nikon, Canon වෙනුවෙන් වුනත් සෙන්සර් හදාපු Sony සමාගම අවසානයේ තීරණය කරනවා තමන්ගේම DSLR කැමරාවක් හදන්න. ඒකට අලු‍ත්ම Exmor R CEMOS Sensor එකත් BIONZ X කියන Image processing ක්‍රමයත් භාවිතා වෙන එක තමා ලොකුම විශේෂත්වයක් වෙන්නේ. Exmor R සෙන්සරය නිසා දෙගුණයක Noise reduction එකක් ලබා ගන්න වගේම බොහෝම වේගයෙන් Analog/Digital Conversion එක සිදු කරගන්න පුළුවන්. BIONZ X කියන Image processing ක්‍රමය නිසා Noise reduction කිරීම සහ Analog/Digital Conversion එක සිදුවීම වේගවත් කිරීමට සමගාමීව තත්පරයකදී පින්තූර 7ක පමණ වේගයක් පවත්වා ගැනීමේ හැකියාව ලැබිල තියෙනවා. ඊට අමතරව Mirror less camera Series එකක් තියෙන නිසා ඒවායේ වේගය වැඩි කරගෙන තියෙනවා. ඒ විතරයි නෙවෙයි කැමරාව ගොඩක් සැහැල්ලුයි. Mirror less නිසා සෙලවීම අවමයි වගේම දිශා පහකට සිදුවෙන Image stabilization ක්‍රමවේදයක් සෙන්සරය සඳහා අනුගමනය කරනවා. මීට අමතරව Electronic view finder එක නිසා අපි වෙනස් කරන settings ටික view finder එකට ඇහැ තියාගෙනම බලාගන්න පුළුවන්.  ලොකු පික්සර් අගයකින් යුත් සෙන්සරයක් හැදල තියෙනවා. අඩු ආලෝකයට හොඳින් සංවේදී නිසා අඩු ආලෝක තත්ත්ව වල හොඳින් පින්තූර ගන්න පුළුවන්. මේ වගේ කරුණු රාශියක් නිසා අලුත් ‍Sony කැමරාව ලොකු පෙරලියක් කරනවා. 
කැමරාවක හොඳ වගේම අඩුපාඩුත් කියන්න ඕනමයි. කැමරාවේ view finder එක electronic නිසා වේගයෙන් බැටරි බහිනවා. ඒක තමා ලොකුවටම තියෙන අවුල. පින්තූර 400ක් වගේ ගනිද්දී බැටරිය බහිනවා. අනික තමයි තාමට ලොකුම Dynamic Range එක කියන එකට එන්න Sony සමත්වෙලා නැහැ. ඒක තාමත් තියාගෙන ඉන්නේ Nikon D810 කැමරාව.මිල අධික බව දෙවැනි තැනත් කැමරාව හැදුවාට ‍ඒකට ලෙන්ස් හදන්නේ නැති වීම් කැමරාව ගද්දී හිතාගන්න බැරි තැනක් වෙනවා. හැබැයි ඒකට විසඳුමක් විදිහට Nikon, Canon lens භාවිත කරන්න පුළුවන් විදිහේ Adapter එකකුත් Zeus සමාගමෙන් Sony වෙනුවෙන් හැදෙන lens series එකකුත් තියෙනවා.
 
Sony කැමරාව එක්ක පොඩි කාලයක් ගත කරන්න ලුබුනා වුනත් මගේ වැඩ වලට අවශ්‍ය විදිහට කැමරාව හා Nikon ලෙන්ස් වලට එන Adapter එක වැඩ කරනවාද කියල නම් ප්‍රායෝගිකව බලන්න ලැබුනේ නැති නිසා ඒක හොඳ විදිහක් කියල කියන්න අමාරුයි. නමුත් Zeus lens එක්ක නම් කැමරාව සුපිරි වැඩ ටිකක් ගන්න පුළුවන්. Nikon, Canon එක්ක වැඩ කරල තිබුන නිසා ඒවා එක්ක වෙනසක් තියෙනවා. බර අඩු කම සෙලවීම් පාලනය ආදිය නිසාත් අඩු ආලෝකයන් හි භාවිත කල හැකි වීමත් අතින් නම් අපූරු කැමරාවක් (දැනට මට)ග ඉදිරියේ දවසක භාවිත කරන්න ලුබුනා වුනොත් ඒ ඒ අවස්ථා වලදී භිවිතා කල හැටි ගැන ලිනයනකම් Sony, Nikon, Canon එක්ක ගත කරන්න. හැබැයි මේ සියල්ල අවසන මතක් කරල දෙන්න ඕන දෙයක් තියෙනවා. Camera එක කියන්නේ මෙවලමක් පමණයි. ඔබ ඡායාරූප ගැනීම නොදන්නවා නම් මේ කියන මොකක් තිබුනා වුනත් අවසන හොඳම ඡායාරූපය ලැබෙන්නේ නෑ.
ජය...!

3 comments:

  1. කාලෙකින් නේද අයියේ... කාලෝචිත මාතුකාවක්...ස්තුති සුල අයියේ විස්තර වලට....මේ වැඩේ දිගටම කරන් යන්න...ජය! ��

    ReplyDelete
  2. Kohomath sony lage product wala mokahari awulak ithuru karanawa thamayi.sony phone kochchara kolitiyata haduwath ara eka eka apps bara ganak run wenna dilaa battery bassanawa .meka sony lage puruddak wage

    ReplyDelete
  3. canon කැමරා වල
    EOS 7D, 6D, 5D
    EOS 70D, 77D, 80D
    EOS 700D,800D
    විදියට serious 3ක් තියෙනව. මේව අතර වෙනස මොකක්ද

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!