මගේ ගමන් බිමන් එකසිය පස්වන කොටස - කබරගොයි දොල ඇල්ල

කලුතර දිස්ත්‍රික්කයට අයත් නමුත් ප්‍රසිද්ධියට පත් නොවූ දිය ඇල්ලක් ලෙස කබරගොයිදොල ඇල්ල හඳුන්වන්න පුළුවන්. දිය ඇල්ල බලන්න යන්න මාර්ග දෙකක් භාවිතා කරන්න පුළුවන්. අගලවත්ත තිරිවානකැටිය මාර්ගය දිගේ අත්වැල්තොට පහුකරගෙන කිලෝමීටර 4ක් විතර ගියාම අහස්බෝක්කුව පාලම හමුවෙනවා. මේ පාලම 1900දී විතර පළමු ලෝක යුද්ධ කාලෙදි හැදුවා කියල තමයි කියන්නේ. පාලම පහු වෙද්දීම තියෙන පාර දිගේ කිලෝමීටර භාගයක් විතර ගියාම දිය ඇල්ල පාමුලට යන්න පුළුවන්. පාලම ලඟින් හැරෙන්නේ නැතිව තව කිලෝමීටර එකහමාරක් විතර ගියාම කඹුරුහේන පාර හමුවෙනවා. එතැනින් පොඩි දුරක් ගියාම දිය ඇල්ල මුදුනට යන්න පුළුවන්.
මීටර 21ක් විතර උස මේ දිය ඇල්ලට කබරගොයි දොල ඇල්ල, අහස්බොක්ක ඇල්ල කියන නම් භාවිතා වෙනවා. දිය ඇල්ල කුඩා දිය ඇලි ගොඩක් වගේ තමයි සාමාන්‍ය දින වල දකින්න ලැබෙන්නේ. දිය ඇල්ල පාමුල පොඩි ගුහාවක් තියෙනවා. දිය ඇල්ලෙන් නාන එක වුනත් කරන්න පුළුවන්. චිත්‍රපටි වල දකිනවා වගේ දිය ඇල්ල හරහා ගිහින් ගුහාවේ වාඩි වෙලා ඉන්නත් පුළුවන්. 
දිය ඇල්ල පහලට කැලය අතරින් පුළුවන්. අවට තියෙන ගල් ලිස්සන සුලු නිසා දිය ඇල්ල දිගේම පහලට යන්න හදන එක නම් භයානක වැඩක්. දිය ඇල්ලේ අපූර්වත්වය වගේම දිය ඇල්ල අවට තියෙන පරිසරයත් අපූර්වයි. සමනලුන් නිතර දකින්න පුළුවන් තැනක්. 


මේ පාර දිගේ යනවා නම් කබරගොයි දොල ඇල්ල බලන්න අමතක කරන්න එහෙම එපා. ඒ වගේම මේ තැන විනාස නොකර එන්නත් අමතක කරන්න එපා..


4 comments:

  1. කළුතර දිස්ත්‍රික්කයේ මෙටහරම් රමණීය ස්වභාවික ස්ථාන පිහිටීම එහි සංචරක ආකර්ශනය වැඩිකිරීමට හේතුවුනත් අපේ සංචාරක පිරිස් ඒවායේ පරිසර පද්ධතිය විනාශ කිරීම නිසා මේවා සැඟව තිබීම හොඳයැයි කිව හැකියි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට. ඇත්තෙන්ම මටත් බොහෝ වාරයන්හිදී එය සිතුනා

      Delete
  2. matath balanna balanna yanna hithuna...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් යන්න

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!